• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ අය ලබාදෙන බදු මුදල්, වැඩවර්ජනවලින් විනාශ කරන්න එපා – මන්ත්‍රී වජිර

3 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් සිටින අවස්ථාවක ඒවා කඩා කප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 28 වනදා රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ බංකොලොත් වූ රට යථාතත්ත්වයට පත්කරමින් රට නිසි මගට ගෙන යාමට කටයුතු කරන අවස්ථාවක සියලු ජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතු යි. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හී යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් වැටුප් ගෙවීම සිදුවනු ඇත. රජයේ සේවකයන්ගේ ආයතනවලින් ආදායම් උපැද්දවීමක් සිදුනොකළත් රටක රාජ්‍ය සේවය පරිපාලනමය අවශ්‍යතා සඳහා යෙදවීම කළ යුතුව ඇත. තම තමන්ගේ දේශපාලන වෙනස්කම් එසේ තබාගෙන රට ගැන සිතා වැඩ කරන්න යැයි සියලු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා ඇති අවස්ථාවක එයට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සඳහා ක්‍රියා කිරීම කණගාටුදායක කරුණකි. වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් සිටින අවස්ථාවක ඒවා කඩා කප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇත. සියලු ජනතාවට අමාරුකම් තිබෙන බව ජනාධිපති වරයා හොඳින් දන්නා නිසා තමයි කිසිවෙක් රට බාර නොගන්නා අවස්ථාවක රට බාරගෙන නිසිමගට ගනිමින් සිටින්නෙ. නාධිපතිවරයා ඉතා පැහැදිළිව ප්‍රකාශ කර ඇත්තේ රජයේ සේවකයන්ගේ සහ ඊට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් වැඩි කළ යුතු බවයි. එම කාරණය දැන දැනම වෘත්තිය සමිති ව්‍යාපාර පාරට බැස ඒ සඳහා ලැබෙන ආදායම නැති කිරීමට ක්‍රියා කිරීම සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ අය ලබාදෙන බදු මුදල්, විනාශ කිරීමකි. මෙලෙස වැඩ වර්ජනය කිරීම වැටුප් වැඩි කරන කර්තව්‍ය කඩා කප්පල් කිරීමකි. මෙම වැඩ වර්ජන විදේශීය වශයෙන් මාධ්‍ය හරහා පෙන් වූ විට සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ විට ආදායම උපද්දවන කණ්ඩායමට හානි කළ විට ආදායම් උපද්දවන්නෙ නැති කණ්ඩායම් වලට හානි කිරීම මෙමගින් සිදු වේ. එබැවින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ සියලු වෘත්තිය සමිති තම තමන්ගේ දේශපාලන කටයුතු අමතක කර රට ජාතිය ගැන සිතා බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා කල්පනාවෙන් ක්‍රියා කරන ලෙසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වැඩිවෙන බඩු මිළට සමගාමීව වැටුප් වැඩි කිරීමක් සිදුකිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කර තිබිය දී මෙවැනි කටයුතු පටු දේශපාලන අරමුණු සඳහා ක්‍රියාවට නැංවීම රටේ අනාගත වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමකි. අප සියලු දෙනා මතක තබා ගත යුත්තේ දැනට මාස හත අටකට ඉහත දී අප ජීවත් වූයේ ගෑස් ලොරියක් දැකපු විට අත්පොළොසන් දෙන සමාජයකයි. මෝටර් සයිකල් කරුවන් දහස් ගණන් තෙල් පිරවුම් හල් වට කරගෙන සිට තෙල් බවුසරයක් ආ විට අත්පොළොසන් දෙන සමාජයකයි. අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොළඹ වරායෙන් 2022 මැයි 17, 18, 19 යන දිනවල බාර ගන්න ගිය පුද්ගලයෙකු හැටියට ඒ අවස්ථාවේ දී මාධ්‍ය අපෙන් ඇසූ විට මේ ගැන කුමක් ද කියන්න තිබෙන්නෙ කියලා, මම විශේෂයෙන් ප්‍රකාශ කළේ “ බඩු භාණ්ඩ එව්වාට බොහොම ස්තූතියි, බාර ගන්නෙ බොහොම කණගාටුවෙන්“ යන්නයි. මේ රටේ සියලු දේශපාලන පක්ෂ මතක තබාගත යුත්තේ දුප්පතාගේ හිතවතා දුප්පතා නොවන බවත්, දුප්පතාගේ හිතවතා උගතා සහ පොහොසතා වන බවත්ය. මේ රටේ ජනතාව එම නිවැරදි සටන් පාඨවලින් දැනුවත් කළ යුතුයි. දුප්පතාගේ හිතවතා දුප්පතා නම් මහජනතාව අහිගුණ්ඨක තත්ත්වයට පත්වේ. මේ සටන් පාඨ ඉවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වන නව දේශය ගොඩනැගීම සඳහා තම තමන්ගේ දේශපාලන පක්ෂවල තිබෙන වෙනස්කම් එසේ තබා ගනිමින් එකට එකතු වී ජාතිය ගොඩනැගීම සඳහා ක්‍රියා කරමු. එයයි අප කළ යුත්තේ. මේ රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බංකොලොත් බාවයෙනුත් නිදහස් කරගෙන ඩීසල්, පෙට්‍රල්, භූමිතලේ අඩු කරලා, විදුලි බිලත් අඩු කරලා ඉදරියට ගමන් කරන ගමන් මග විනාශ කිරීමේ කටයුත්තට මහජනතාව ඉඩ නොදී සිටීමට වග බලාගත යුතුය. 1994 සිට පත් වූ සෑම ජනාධිපතිවරයෙකුටම බලයට පත්වීම සඳහා මේ රටේ වාමාංශික ව්‍යාපාරය විසින් උදව් කර ඇත. එයෙහින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද රට ඉදිරියට ගෙන යන මෙම අවස්ථාවේදී ද සමස්ත වාමාංශික ව්‍යාපාරය ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතුව ඇත. එමෙන්ම 1948 වාමාංශික නායකයින්, දෙමළ නායකයින්, මුස්ලිම් නායකයින් ශ්‍රී ලාංකිකයින් ලෙස කටයුතු කළ නිසා ජාතියට නිදහස ලබා ගැනීමට හැකි වුණා. එම සමගිය නැවත ඇතිකර ගතහොත් ආර්ථික නිදහස ජාතියට හිමිවනු ඇත. එය එසේ සිදුවන සෑම මොහොතකම ජාතිය ඉහළ යනු ඇත. ජනතාවගේ ආර්ථික පීඩනය අඩු වනු ඇත. එසේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විසින් ආර්ථික පීඩනයට සරිලන වේතනයන් රාජ්‍ය අංශයටත්, පෞද්ගලික අංශයටත් ලබා දෙන බව සඳහන් කිරීමට කැමැත්තෙමි යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර හමුවක්

Next Post

අන්තර් පාසැල් හොකී තරගාවලිය – 2023 පොලොන්නරුවේදි පැවැත්විණි

editor

editor

Next Post

අන්තර් පාසැල් හොකී තරගාවලිය - 2023 පොලොන්නරුවේදි පැවැත්විණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved