• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

18 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථාවලට සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ,අද (18) පිළිසඳර රාවණාකන්ද ග්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පැවැති “ගම සමග පිළිසඳර” සඳහා සහභාගි වෙමිනි.

බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව හන්දියේ සිට කි.මි 6ක් වූ වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද – වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ – වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන අතුරු මාර්ග හඳුනාගෙන කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ මාර්ගවලදී හමුවන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදිකිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ. මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැසකට තේ දළු ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසේ.

කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළේය. ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිළි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය.

ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීමට මැදිහත්වන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දීර්ඝකාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටළු හඳුනාගෙන කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කරගස්තලාව විද්‍යාලය, සුමන විද්‍යාලය, බලංගොඩ කනගනායගම් දෙමළ විද්‍යාලය, වලේබොඩ දෙමළ විද්‍යාලය, උඩගම විද්‍යාලය, පින්නවල දෙමළ මහා විද්‍යාලය, බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය, තෝරවෙල් කන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ගුරු හිඟයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසදුම් දීමට ද තීරණය කෙරිණ. සබරගමුව පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිගය පියවීමට කඩිනම් සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තීරණය කෙරිණ.

පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබිණ.

බැංකියවත්ත කසල මුදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය.

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල අඩුවක්ව ඇති සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන් කර පළාත් පාලන ආයතනයට පැවරීමට ද තීරණය කෙරිණ.

තෝරවෙල්කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත “සුහුරු පන්ති කාමරයක්” ප්‍රදානය කළේය.

බලංගොඩ ආනන්ද මෛත්‍රී පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදෙව් දිනිරුද් ප්‍රනාන්දු සිසුවා කළ “නව නිර්මාණය” ජනාධිපතිතුමාගේ පැසසුමට සහ ඇගයීමට ලක්විය. සිය ශරීර උෂ්ණත්වය තමාම පරීක්ෂාකර, විෂ බීජ හරණය ද එම යන්ත්‍රය මගින්ම සිදු වන ද්විත්ව හැකියාවක් යන්ත්‍රය සතුය. එය සවිකර ඇති ස්ථානය පසුකර යාමේදී උෂ්ණත්වය පරීක්ෂා නොකළහොත් සංඥා නාදයක් ඉන් නිකුත්වීම ද විශේෂත්වයකි.

තෝරවෙල්කන්ද විද්‍යාලයේ 02 වසරේ ඉගෙනුම ලබන ඕෂධී චමුදිකා ජයවික්‍රම දියණිය රචිත ග්‍රන්ථ 02ක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අකිල එල්ලාවල, ගාමිණි වෙලේබොඩ, මුදිතා ද සොයිසා, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, ජනතා නියෝජිතයෝ සහ අමාත්‍යාංශ රැසක ලේකම්වරු ඇතුළු නිලධාරීහු “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

රටේ ජනතාව ගැන සිතු නිසා ඩොලර් මිලියන 500 ක් අහිමි වුණා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

Next Post

උත්සවය සමයේ රට වැසීමට මෙතෙක් තීරණයක් නෑ – විශේෂඥ වෛද්‍ය හේමන්ත

editor

editor

Next Post

උත්සවය සමයේ රට වැසීමට මෙතෙක් තීරණයක් නෑ - විශේෂඥ වෛද්‍ය හේමන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved