27 April 2024
#දේශීය

උත්සවය සමයේ රට වැසීමට මෙතෙක් තීරණයක් නෑ – විශේෂඥ වෛද්‍ය හේමන්ත

උත්සවය කාලයේදී රට වසා තැබීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොවිඩ් 19 සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවක් අමතමිනි. අද දිනවන විට රට වැසීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව වගකීමෙන් කිව හැකි බව වෛද්‍යවරයා කියා සිටියේය.

එසේම ලෝකයේ මෙම වෛසරය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති අවස්ථාවකදී රටේ ඉදිරි කාලය කෙසේ ද යන්න දැනට නිෂ්චිතව කිව නොහැකි බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් උත්සවය සමයේදී තමා සිටින්නේ කොරෝනා ආසාදිතයින් සිටි මෙන්ම අවධානම් ප්‍රදේශයකනම් ගම්බිම් බලා නොයන ලෙස ඉල්ලා සිටි. එසේම අහඹු ලෙස කොරෝනා වෛරසය ඇද්දැයි සොයා බැලීමට ඉදිරියේදී කටයුතු කරන බව ද වෛද්‍යවරයා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *