• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය දේ කරනවා – ඇමැති නාමල්

6 October 2021
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තර සූදානම් බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ලෝක ශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලියේ දී 06 ස්ථානයට පැමිණි ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් අගයමින් අද (06) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති උත්සවයේදීය.

පසුගිය සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් ඉතාලියේ සාඩිනියා නගරයේ පැවති ලෝකශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලියේ දී 06 වන ස්ථානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායම සමත් විය.

පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ජගත් වැලිකල මහතාගේ පුහුණුකිරීම් හා මග පෙන්වීම යටතේ සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර, ඩී.එම්. ගාමිණි යන ක්‍රීඩකයන් තිදෙනා මෙම තරගාවලියදී ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඔසවා තැබීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.” ‘‘ඉතිහාසයේ පළමු වතාවට අපේ රෝදපුටු ටෙනිස් කණ්ඩායමට ලෝකයේ 06 වන ස්ථානය ලබාගත හැකි වී තිබෙනවා. මෙතෙක් අපි බලාපොරොත්තු වූ ඉලක්කයන් සියල්ල අභිබවා යන්න මේ තරුණ ක්‍රීඩකයින්ට හැකියාව ලැබිලා තිබෙනවා. අද ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයක්. අනෙකුත් ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තම ක්‍රීඩා සැලැස්ම පිළිබදව හා තමන්ට මුහුණදෙන්න තිබෙන අභියෝග පිළිබදව ඉතාමත් අනාගතවාදීව සහ බලාපොරොත්තු සහගතව බලන්න පුලුවන් පිළිතුරක් මේ ක්‍රීඩකයින් ඔබට ලබා දී තිබෙනවා. අමාත්‍යාංශයක් විදියට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න. ග්‍රාම නිළධාරී කොට්ඨාශ තරගාවලිය ජයග්‍රහණය කරන ඒක, පසු කාලීනව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගාවලි ජයග්‍රහණය කරන ඒක ලොකු ජයග්‍රහණයක් කියලා උනන්දු වුණ කාලයක් තිබුණා. තවත් කාලෙක දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමත්, පළාත් ජයග්‍රහණය කිරීම, ඒ් කියන්නේ ජාතික ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කිරීම තමයි ලබන ලොකුම ජයග්‍රහණය විදියට දැක්කේ. අද අපි එතනින් එහාට යා යුතුයි. එයට හොදම උදාහරණය පැරාලිම්පික් රන් පදක්කමක් දිනාගත්තා, රෝදපුටු ටෙනිස් කණ්ඩායම ලෝකෙන්ම 06 වෙනි ස්ථානයට පත් වුණා. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් බිහිවුණා. උස පැනීමේන් දකුණු ආසියානු වාර්තාවක් තබන්න හැකිවෙලා තිබෙනවා. කාන්තා මේස පන්දු ක්‍රීඩිකාවන් 12 වෙනි ස්ථානය දිනාගෙන තිබෙනවා. වොලිබෝල් ක්‍රීඩාවෙන් ද ලෝකශ්‍රේණිගත කිරීම්වල 50 වෙනි තැන රැදෙන්න අපිට හැකියාව ලැබුණා. ක්‍රීඩාවේ ජාතික ජයග්‍රහණ තුළින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගන්න වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන්නත් අපිට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර ජයග්‍රහණ කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය‍ පිළිබඳ අපි අමාත්‍යාංශයක් විදියට විශ්වාස කරනවා. එහි ප්‍රතිඵල අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අද මම රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුබ පතනවා. ඔවුන් විශාල කැපකිරීමක් කළා පහුගිය කාලය පුරාවටම. අපි ඒක දැක්කා. ජාතික ක්‍රීඩා සභාව ඒ සඳහා සහයෝගය ලබා දුන්නා. ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන්න ඔබ සැමට අවශ්‍ය මාවත නිර්මාණය කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තරයෙන් සූදානමින් සිටිනවා. මේ ජයග්‍රහණය දැනගත් වහාම මම SLT මොබිටෙල් ආයතනයට කතා කළා. අපි කාර්‍යසාධනය පාදක කරගත් දිරි දීමනා ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. මේ සදහා අපි SLT මොබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඉල්ලුවා. ඉතාම උද්යෝගයෙන් දින කිහිපයක් ඇතුළත අවශ්‍ය සියලුම වැඩ කටයුතු සිදු කර ක්‍රීඩකයන් සඳහා ඒ අදාළ දීමනා ලබා දෙන්න ඔවුන් කටයුතු කළා. කොවිඩ් 19 වසංගතය සමග වෙනදා මෙන් ලොකු උත්සවයක් පවත්වන්න බැහැ. නමුත් මෙවැනි චාම් උත්සවයකින් හෝ ඔවුන්ව දිරි ගන්වන්න ලැබීම පිළිබදව සතුටු වෙනවා. 06 වන ස්ථානයේ නතර නොවී පළමු වන තැනට ඉතාමත් කෙටි කාලයකින් පැමිණීමට හැකියාව ලැබේවා‘යි ප්‍රාර්ථනා කරනවා.‘‘යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

SLT මොබිටෙල් ආයතනය විසින් ජයග්‍රාහී රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් ක්‍රීඩකයන් තිදෙනාට රුපියල්  දස ලක්ෂය බැගින් සහ පුහුණුකරු වෙත රුපියල් දෙලක්ෂ පනස් දහසක මූල්‍යමය ප්‍රදානයක් ලබාදෙමින් ඔවුන්ටදිරිගැන්වීම් ලබාදුණි.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 2
Previous Post

කොවිඩ් වලට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය, නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත ගුරුවරුන් බව අගමැති කියයි

Next Post

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

editor

editor

Next Post

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved