රනිල් වික්‍රමසිංහ මහතා එදා වගේම වැරදි තිරණ තවම ගන්නෙ බවත් තරුණයින්ට හින දෙනවා සුරංගනා කතා කියනවා බව පාර්ලිමේන්තුව මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ නිදහස ජනතා සභාවේ අද(9) පැවැති මාධ්‍ය හමුවේදිය.
එහීදි ගොඩහේවා මන්ත්‍රිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට පහුගිය කාලේ අය වැය වර්තාවද අමතකව ඇති බවත් රටේ තියෙන අර්බුදය ඩොලර් අර්බුදය අපනයන අඩු විම නිසා තමයි මේ ඩොලර් අර්බුදය උදාවෙලා තිබෙන්නේ බවයි.
එසේම හම්බන්තොට වරාය විකුණුවා ඒ සල්ලි වලට මොකද වුනේ කියා නොදන්නා නමුත් එදා මෙන්ම තවමත් වැරදී තීන්දු තීරණ ගන්නා වික්‍රමසිංහ මහතා මේ වන විට තරුණ පිරිස් වෙත සුරංගනා කතා කියන බව ගොඩහේවා මන්ත්‍රීවරයා පවසා සිටියේය.