27 April 2024
#දේශීය

ඕමාන සුරක්ෂා නිවාසයන්හි සිටින කාන්තාවන් කඩිනමින් මෙරටට ඇමැති මනුෂ

ඕමානයේ සුරක්ෂා නිවාසයන්හි රැඳී සිටින කාන්තාවන් 59 දෙනා මෙරටට ගෙන්වා ගැනීම සිදු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ එහි නෛතික ගැටලු කිහිපයක් ඇති බවත්, කාර්ය මණ්ඩල අඩුපාඩු ඇතත් එකී ගැටලු විසඳාගත් සැනෙන් ඔවුන්ව ලංකාවට එවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින කාන්තාවන් හමුවී, ඔවුන්ගේ ගැටලු සොයා බැලීමෙන් අනතුරුවයි.

මෙම කාන්තාවන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විවිධ සාවද්‍ය තොරුතුරු ප්‍රචාරය වන බවත්, ඒ නිසා මෙම කාන්තාවන් ඉතා අපහසුතාවට ලක් ව ඇති බවත් පැවසූ අමාත්‍යවරයා තොරතුරු වාර්තා කිරීමේ දී වගකීමක් සහිත ව එකී කාර්යය ඉටුකරන මෙන් මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ ය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *