• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය කඩාකප්පල් කරන උද්ඝෝෂණ එපා – මන්ත්‍රී සාගර

28 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථිකය කඩාකප්පල් කරලා විනාශ කරලා දාන්න, තැනින් තැන උද්ඝෝෂණ පවත්වන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණෙන් සහ පෙරටුගාමි පක්ෂයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අපේ රට ධර්මපාලතුමාගේ කාලයේ ඉඳන්ම පුරුදු වෙලා තිබෙනවා මේ රටේ නායකයින්ට බොරු චෝදනා කරන්න. මෑතකාලීන හොඳම උදාහරණ දෙකක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ් කාලයේ මිස්ටර් බීන්, පණ නැති නායකයා කියලා විවිධ චෝදනා කළා. හැබැයි ඒ් චෝදනා කළ මංගල සමරවීර පහුකලක කිව්වා මේ චෝදනා ඔක්කෝම මම තමයි මූලික වෙලා කළේ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකයෙක් හැටියට ගොඩනැගීම නතර කරන්න කරපු දෙයක් කියලා ඔහු විසින් පාපොච්චාරණය කළා. නමුත් ඉතිහාසය විසින් අද ඔප්පු කරලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ඒ් කියන විදිහේ නායකයෙක් නොවෙයි , අද විපක්ෂයේ ඔහුට හිට්ලර් කියන තත්වයට ඔහු ශක්තිමත්ව වැඩකරන නායකයෙක් බවට පත්වෙලා තිබෙනවා. මේ රටේ හිටපු තවත් නායකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා භායානක චෝදනා කරලා ඔහු දරුණු මිනිහෙක් විදිහට ජනතාව ඉදිරියේ හන්වඩු ගැහුවා. නමුත් අන්තිමට ඉතිහාසය විසින් ඔප්පු කරලා පෙන්නුවා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ ඕනවටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි හිටි නායකයෙක් කියන එක. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් හොරා කියන ලේබලය අලවගෙන ඔවුන්ගේ චරිත විනාශ කිරිමේ ඉතා දැඩි උත්සහයක් තිබෙනවා. පක්ෂයක් හැටියට අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් සහ අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙනවා. පහුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට එරෙහිව චෝදනා නගමින් නඩු 06 ක් ගොනු කළා. හැබැයි ඒ නඩු මුදල් හොරකම් කළා, වංචා දූෂණ කළා කියලා නොවේ. ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමාට තිබිච්ච සියලු චෝදනාවලින් එතුමා මෙරට අධිකරණයේ නඩු විභාවලින් පසුව නිදොස්කොට නිදහස් කරනු ලැබුවා. එවැනි නායකයෙක්ට පහුගිය කාලයේ ඉතාමත් පහත්පෙලේ චෝදනා නැගුවා. එතුමා විදේශගත වෙලා පැමැණියාට පසු ගුවන්තොටුපොලේ ප්‍රභූ පර්යන්තය වැරදි ආකාරයෙන් පාවිච්චි කළා කියලා අභූත චෝදනාවක් කළා. පැහැදිලිව කියන්න කැමති අදාළ ගෙවීම සිදු කිරීමෙන් පසුව මේ ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීමට මේ රටේ ඕනෑම පුරවැසියෙක්ට අයිතිය තිබෙනවා. ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිණිය මෙරටට පැමිණිමේදි ඒ සම්බන්ධයෙන් දෙදෙනෙකුට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය ගෙවලා තමයි ප්‍රභූ පර්යන්තය භාවිතා කළේ. මේ කාරණා නොදැන චෝදනා කරනු දැක්කා, ආහාර පාන සංග්‍රහ සඳහා රජයෙන් වියදම් දැරුවා කියලා. නමුත් ඒ සංග්‍රහය සඳහාත් අදාළ ආයතනයට ගෙවීම් සිදුකළ තිබෙනවා. අපි පක්ෂයක් හැටියට ඉතා ආඩම්බරයෙන් කියනවා අපිට බලය තිබුණත් නැතත් අපි පක්ෂයක් හැටියට කවදාවත් ජනතාවගේ මුදල් භාවිතා කරලත් නෑ. ජනතාවගේ දේපළ අවභාවිතා කරලත් නෑ. අපි පක්ෂයක් හැටියට පිරිසිදුව දේශපාලනය කරන පක්ෂයක්. මෙවැනි චෝදනා නඟන පුද්ගලයින් තමන්ට බලය තිබෙන කාලයේ මෙවැනි දේ කරපු නිසා ඔවුන් හිතනවා ඇති මේ වන කොට අපිත් එවැනි කාරණාවලට නතුවෙනවා, එවැනි කාරණාවල යෙදෙනවා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතිහාසයේ කවදාවත් එවැනි වැරදි කරලත් නෑ ඉදිරියේදී කරන්නෙත් නෑ.
ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම කාලය සම්පූර්ණ වෙනවා මාර්තු මාසය වන විට. ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් රජය, ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නවා නම් එය ඔවුන්ට අයත් දෙයක්. ඒ සම්බන්ධයෙන් අපි මැදිහත්වීමක් කරන්නේ නෑ. නමුත් පක්ෂයක් හැටියට අපි ඉතාමත්ව ශක්තිමත්ව සූදානම් වෙනවා පළාත් පාලන මැතිවරණය සඳහා.
මේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දිලා තිබෙන්නේ. මේ ආර්ථික අර්බුදයට මුහුණදිලා තිබෙන්නේ අපේ රට පමණක් නො‍වේ. එයට මූලික හේතුව වෙලා තිබෙන්නේ ගෝලීය කෝඩිව් වසංගතය සහ යුක්රේන, රුසියානු යුද්ධය මුල් කරගෙන. මෙවැනි අවස්ථාවක ඉතා අසිරුවෙන් ඉහළට ගෙන එන්න හදන ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාකප්පල් කරලා විනාශ කරලා දාන්න තැනින් තැන උද්ඝෝෂණ පවත්වන්න එපා කියලා ඉතා ගෞරවයෙන් පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණෙන් සහ පෙරටුගාමි පක්ෂයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි තත්වයක් යටතේ ඔබ ජනතාව උසි ගන්වලා ඔබගේ පටු දේශපාලන පරමාර්ථ මුදුන්පමුණුවා ගැනීම සඳහා මෙවැනි පිඩාකාරි උද්ඝෝෂණ සංවිධානය කිරිම තුළින් සිදුවෙන්නේ මෙරටට පැමිණෙන්න ඉන්න සංචාරකයා පවා නතර වෙනවා මිසක් මේ රටේ ජනතාවට එතනින් කිසිදු සුගතියක් නෑ. ඔබගේ දේශපාලන මතයක් තිබෙනවා නම් ඉදිරි කාලයේදී නිසි ලෙස මැතිවරණ පවත්වයි. ඒ මැතිවරණයේදී ශක්තිය උරගාන්න. නමුත් ඔබ මේ ජනතාව පාරට බස්සලා උසිගන්නවලා රටේ අරගල ඇති කරලා, කලකෝලහාල කරලා මේ රටේ කීර්ති නාමය විනාශ කරලා මේ කරන දේ නම් මේ රටේ ජනතාවටත් මේ රටටත් හොඳ දෙයක් නොවේ.”යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

 

Post Views: 2
Previous Post

විදුලි කප්පාදුව නතර කර කරන්න ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි – රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්

Next Post

මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ සෞන්දර්යය ඒකකය විවෘත කරයි

editor

editor

Next Post

මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ සෞන්දර්යය ඒකකය විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved