27 April 2024
#දේශීය

විදුලි කප්පාදුව නතර කර කරන්න ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි – රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්

දිනෙන් දින වැඩිවන විදුලි බිල ජනතාවට දරා ගැනීමට අපහසු බවත් මේ ආකාරයට දිගින් දිගටම මෙම ගැටළුවට පැලැස්තර විසදුම් යොදා ස්ථිර විසදුමක් ලබා නොදුනහොත් මෙම අර්බුධය ඛේදජනක අවසානයකට පත්වනු ඇති බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය එච්. එල්. ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලි බල හා බලශක්ති අමාත්යංශයේ වැය ශීර්ෂය යටතේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

මෙම වැඩි වන විදුලි බිල අඩු කර ගැනීම සඳහා පුනරජනනීය විදුලිබලාගාර වැඩිවැඩියෙන් ඉදිකරමින් අඩු පිරිවැයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ඉක්මනින් ආරම්භ කළ යුතු බවත් අප රට තුල කිසිම ප්‍රයෝජනයකට නොගෙන සුළං බලය හා සුර්ය ශක්තිය අපතේ යනව මෙම සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව දෙක නිසි ලෙස කළමනාකරණය කල හොත් ඉක්මනින් නුදුරු අනාගතයේදී අඩු මිලට විදුලි ඒකකයක් ලබා දීමට හැකියාව ලැබෙන බව අපට විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *