27 April 2024
#දේශීය

විදෙස් ගමන් බලපත්‍රය අළුත් වෙයි

විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආරක්ෂක කටයුතුවලට සහයක් වන අයුරින් ගුවන් මගියාගේ සියලු තොරතුරු ඇතුළත් කරමින් මෙම විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රය හඳුන්වා දීමට නියමිතය.

මෙම ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට මාස තුනක කාලයක් ගත වන බව ආගමනය විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැනට ලබාදී ඇති ගුවන් ගමන් බලපත්‍රයට වඩා විධිමත් අයුරින් මෙය සකස් කිරීමටද නියමිතව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *