• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා අපි එක්ක එකතු වෙන්න – සජිත්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනා !

25 February 2020
in දේශීය
අපි අලුත් ගමනක් යන බවත්,එය නවීන ගමනක් බවත්,පොහොට්ටු යකඩ සපත්තුවලට පෑගුනු ශ්‍රීලනිපයටත් ඊට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

 
කොළඹ නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සංවිධානය කළ හමුවකට අද එක්වෙමින් ඒ මහතා මේබව කීය.
 
විපක්ෂ නායකයා මෙසේද කීය.
 
“ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වුනේ 17වෙනිදා.අද වෙනකොට මාස තුනක්. මම පුදුම වුනා ඊයෙත්,පෙරේදා ත් ප්‍රතිවාදීන් නිර්මාණය කරන කතාවක් 
 
නිසා.
 
පාර්ලිමේන්තුව පවත්වන අවසන් දිනයේ රජය ගෙනාවා මුදල් යෝජනාව ක්.එහි පරාජය වහගන්න ආන්ඩුව ගේනවා කතාවක් .විපක්ෂය ජනතාවට අවුරුදු කන්න තියෙන අවස්‍ථාව  නැති කළාලු.
 
මේ මොන විහිලු කතාද?.
 
මතක් කරලා බලන්න අපි ආව ගමන් ගෙනාවා දින සීයේ වැඩ සටහන.අපි ඒවා කරන්න අයවැයක් ගෙනාවා.සමෘද්ධි සීයට දෙසීයකින් වැඩිකළා.වැටුප් දහදාහකින් වැඩි කළා.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා.
 
දහසක්  වැඩ කළා.
 
මෙයාලා මොකද කළේ.පාර්ලිමේන්තුව කල් දැම්මා .පෙබරවාරි ඉවරවෙනතුරු කල් දැම්මා.
 
ජනතාවට සහන දෙන්න හිතුවේ නෑ.
 
ජනාධිපතිවරණය ඉවර වෙලා අපි කීවා කියපු දේ කරන්න අයවැය ගේන්න,අත් දෙකම උස්සන්නම් කියලා .
 
එහෙම නොකර මෙයාලා යෝජනාවක් ගිය සතියේ ගෙනාවා.
 
පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන අන්තිම දවස් කීපෙ,මේ යෝජනාව ගෙනාවේ.
 
ඒකේ යෝජනා දෙකයි.එකක් ජනතාවට සහන දීම.අනික ණය සීමාව වැඩි කිරීම.
 
අපි කීවා ණය යෝජනාවට එකග නෑ,සංවර්ධන යෝජනාවට එකයි කියලා.
 
ආණ්ඩුව දෙකම අකුලා ගත්තා.
 
මාස තුනක් තිබ්බා අයවැය ගේන්න ,ගෙනාවේ නෑ.එහෙම නොකර අන්තිම සතියේ අන්තිම දවසේ මේක ගෙනාවා.
 
මෙයාලා කියන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න ණය ඕනා නෑ.නමුත් මේ අය රුපියල් බිලියන පන්සීයක් ,හයසීයක් රාජ්‍ය ආදායම නැතිකර ගත්තා.
 
ඉන්දියාවට ගිහින් එහෙන් ඉල්ලනවා අපෙන් ණය ඉල්ලන එක කල් දාන්න කියලා.ණය ගෙවන්න වසර තුනක් යයි කියලා එහෙට කියලා ,මෙහෙට කියනවා නය සීමාව ඉහල දාන්න කියලා.
 
මම කියනවා මේ කතාව නොකපා දාන්න කියලා.
 
මිත්‍රවරුනි මම මේකම පැහැදිලු කළා පාර්ලිමේන්තුවේ දී.සමහර නාලිකා කැපුවා.
 
මම කවදාවත් මාධ්‍යට ඇගිලි දික් කරන්නෙ නෑ.මම මාධ්‍යට ගරු කරනවා .
 
අපි නවීන විපක්ෂය ක්.හොද දේට සහය දෙනවා.හැබැයි රටට එරෙහි දේට සහය දෙන්නේ නෑ.
 
 සාමාන්‍යයෙන්    විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ 
 
 කතාකරන්න  නැගිටිනකොට මයික්‍රෆෝන ක්‍රියාත්මක වෙනවා.නමුත් මට ඒවා නෑ.මයිකුත් නෑ,තිරයත් නෑ.
 
මට හිතන්නේ මම අහන දේට උත්තර දෙන්න බෑ.
 
මේ නිසා අපි කියන දේ පොඩ්ඩක් දානවා.හැමෝම නෙවේ,සමහර නාලිකා එහෙම කරනවා .ආණ්ඩුවේ ඇමති කෙනෙක් කියනවා,
 
අපි සහන දෙන්න අකමැතියි,අවුරුදු කන එක විපක්ෂය නතර කළා කියලා .
 
එයා තමයි දෙදාස් පන්සීකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කීවේ.
 
අසාර්ථක කලමණාකරණය නිසා බිලියන පන්සීයක් රටට අහිමි කරගෙන මේ අය අපිට චෝදනා කරනවා.
 
අපිට තියෙන්නේ ජනතා ගිවිසුමක්.
 
සගවෙදගුරු ගොවිකම්කරු බලවේගය අද පොහොට්ටුවේ යකඩ සපත්තුවලට යටවෙලා .අපි ඉදිරියේදි ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ලබා ගන්නවා.අපි සමගි ජනබල වේගය.නූතනවාදය ,දේශප්‍රේමය,රකින බලවේගයක් .සියලු ජාති ආගම් වලට ගටු කරන බලවේගයක් .
 
අපි ශ්‍රීලනිපයට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා රට ගොඩනගමු කියලා.
 
අපි විශිෂ්ට දැක්මකින්,විශිෂ්ට ප්‍රවේශයකින් සැබෑ දේශප්‍රේමයක් තුලින් මේ රට ගොඩ නගන බව ප්‍රකාශ කරනවා .
Post Views: 13
Previous Post

විදෙස් ගමන් බලපත්‍රය අළුත් වෙයි

Next Post

ජනපති ගෝඨාභයගේ දින 100 වැඩ

editor

editor

Next Post

ජනපති ගෝඨාභයගේ දින 100 වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved