• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ගේ පෝෂණය ගැන දෙමාපියන් දැනුවත් කිරිම සෞඛ්‍ය අංශයේ වගකීමක් – නගරාධිපතිනි රෝසි

12 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දරුවන්ගේ පෝෂණය සහ මානසික මට්ටම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම සෞඛ්‍ය අංශයේ සියලු දෙනාගේ විශාල වගකීමක් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

නගරාධිපතිනිය මේ බව පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහභාගී කරගනිමින් සංවිධානය කරනු ලැබු කාන්තා දින වැඩසටහනට ඊයේ (11) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිතුමිය “අපි අනාගත පරපුර ගැන කතා කරනකොට අපි පළමුව සිතිය යුත්තේ ගැබිණි කාන්තාවන් ගැනයි. ඒ වගේම දරුවන්ගේ පළමු අවුරුදු 05 ත් අතිශය වැදගත් කාල සීමාවක් වෙනවා. මොලේ වර්ධනය 75% ක් වර්ධනය වෙන්නේ පෙර පාසල් අධ්‍යාපනය මතයි. අපි හොද මානසිකත්වයකින් යුක්ත දරුවෙකු නිර්මාණය කලොත්, අනාතයේදි අපි සුරක්ෂිත වෙනවා කියන එකයි මාගේ මතය. මම එවකට හිටපු අග්‍රාමාත්‍ය වත්මන් ජනාධිපතිතුමාට වරක් දෙවරක් නොව තුන් වතාවකට වඩා කියලා තියෙනවා පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනට ඇතුළත් කරන්න කියලා. හරි නියාමනයකින් යුක්තව නිවැරදි වැඩපිළිවලකට අනුව පෙර පාසල් අධ්‍යාපනය සියලුම දෙනාට එක හා සමානව මනෝ විද්‍යානූකූලව ලබා දීමට අපි කටයුතු කල යුතුයි. ළමා කටයුතු ඇමතිනී ලෙස කටයුතු කරද්දී මම සොයා ගත්ත දෙයක් තමයි මේ රටේ 35% කට අධික ප්‍රමාණයක් දුප්පත්කම හේතු කරගෙන පෙර පාසල් අධ්‍යාපනය ලබා ගන්නේ නැහැ කියන එක. මේ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව US ඩොලර් 40 ක් පෙර පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ලබා ගැනීමට කටයුතු කලා. නමුත් එවකට පැවති මැතිවරණයේදි මම අයින් වුනාට පස්සේ ඒ මිලියන 40ට මොකද වුනෙ කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම යකඩ ඌනතා නීරක්තිය ගැබිණි මවුවරුන් අතරේ 30% කට ආසන්න ප්‍රමාණයක් මම දන්න තරමින් තියෙනවා. ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ලෙස පත් වෙලා සති 06 ක් යන්න කලින් රුපියල් 20,000ක පෝෂණ මල්ලක් ලබා දෙන්න තීරණය කළේ. අඩු බර දරු උප්පත්තිය, ගැබිණි මවුවරුන් යකඩ ඌණතාවයෙන් පෙලීම, දරුවන් ක්ෂය විම, කුරු වීම, මන්දපෝෂණයෙන් පෙලීම හේතුවෙන් තමයි ගැබිණි මව ශක්තිමත් කිරීම සඳහා පෝෂණ මල්ලක් ලබා දීමට කටයුතු කලේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තවමත් ගැබිණි මවුවරුන්ට එය ලැබෙනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් කොළඹ මහ නගර සභා සීමාවේ ගැබිණි මවුවරුන් වෙනුවෙන් මාගේ මැදිහත්වීම මත විශාල වැඩ කොටසක් සිදු කරලා තියෙනවා. අපි පසුගිය වසරේදී ගැබිණි මවුවරුන් සඳහා රුපියල් 15,000 ක් වටිනා වවුචර්පත් ලබා දීමටත්, කිරි දෙන මවුවරුන්ගේ ගිණුම් වලට රුපියල් 10,000 ක් තැන්පත් කිරීමටත් කටයුතු කලා. එක්සත් ජාතීන්ගේ ජන ග්‍රහන අරමුදල (UNFPA) හරහා රුපියල් 2,500 ක ආහාර මල්ලක් ලබා දීමටත්, ගැබිණි මවුවරුන් සහ කිරි දෙන මව්වවරුන් සඳහා සනීපාරක්ෂක කට්ටල ලබා දීමටත් ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වය මත කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිටින කාන්තාවන් සඳහා මාගේ මැදිහත් වීමෙන් කටයුතු කලා. සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ගර්භනී කාන්තාවන් දැනුවත් කරනවා වගේම, දරු ප්‍රසූතියෙන් පසුවත් දරුවන්ගේ වගකීම, දරුවන්ගේ පෝෂණය සහ මානසික මට්ටම පිළිබඳවත් දෙමාපියන් දැනුවත් කිරීම සෞඛ්‍ය අංශයේ සියලු දෙනාගේ විශාල වගකීමක් ලෙස මම දක්නවා. අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී තේමාව වෙලා තියෙන්නේ සමානාත්මතාවයයි. රාජකාරී ස්ථානයේදී, දේශපාලනයේදී සහ අනිකුත් ඕනැම ස්ථානයකදී කාන්තාවන් ලෙස අපි සමානාත්මතාවයක් බලාපොරොත්තු වෙනකොට එයට නිසි වටිනාකමක් ලබා දීලා සුදුස්සාව සුදුසු තැනට පත් කිරීමෙන් තමයි එහි වටිනාකම තව තවත් වැඩි වෙන්නේ. අපි තාක්ෂණයත් සමඟ දියුණු වෙනකොට තාක්ෂණය හරහා දරුවන්ගේ නිර්මාණශීලී හැකියා වර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමටත් තාක්ෂණයේ ඇති නරක පැතිකඩයන් පිළිබඳ දරුවන් වගේම පවුල්වල දෙමාපියන් දැනුවත් කිරීමේ වගකීමත් සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට පැවරී ඇති වගකීමක් ලෙස මම දකිනවා. කොළඹ නගර සභාවේ මාතෘ හා ළමා ඒකකය තුළ වසරකට දරු ප්‍රසූතීන් 4000 කට වැඩිය සිදු වෙනවා. ඒ පිළිබඳව සිදු කරන කාර්යයන් වෙනුවෙනුත් සෞඛය අංශයේ සියලුම දෙනාට මාගේ ස්තූතිය පුද කරනවා වගේම සියලුම දෙනාට සුභ කාන්තා දිනයක් වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා යැයි නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය කියා සිටියාය.

Post Views: 6
Previous Post

රටේ ආර්ථිකය ගොඩගන්න ජනපති ප්‍රමුඛ රජයට හැකිවුනා- රාජ්‍ය ඇමැති රෝහණ

Next Post

මඩ ගහලා මාලිමාවේ ගමන නවත්වන්න බැහැ -වසන්ත සමරසිංහ

editor

editor

Next Post

මඩ ගහලා මාලිමාවේ ගමන නවත්වන්න බැහැ -වසන්ත සමරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved