27 April 2024
#දේශීය

රටේ ආර්ථිකය ගොඩගන්න ජනපති ප්‍රමුඛ රජයට හැකිවුනා- රාජ්‍ය ඇමැති රෝහණ

පසුගිය කාලයේදි මෙරට තුළ ඇතිවු තිබු අර්බුදකාරි වාතාවරණය සමනය කරමින් යහපත් රටක් නිර්මාණය කරමින් ආර්ථිකය ගොඩනැගිම සදහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය සමත්ව ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාතලේ ඇම්.සි පාරේ පිහිටි සිය කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙසේ කියා සිටියේය ” රටක් ඉදිරියට රැගෙන යාමේදි විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒවා නිරාකරණය කර ගැනිම සදහා සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව එක්විය යුතුයි.අද විපක්ෂය කටයුතු කරන්නේ මේ රට නැවත වතාවක් අගාධයට ඇද දමන්නයි.පසුගිය කාලයේ ෆෙස්බුක් එකෙන් ජනාධිපතිලා පත් වෙලා හිටියා.දැන් ඒ සියල්ල ජනතාව තේරුම් අරන් ඉන්නේ. එදා තුන්ඩු කැල්ලෙන් රාජ්‍ය ආයතන වසා දැමිමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට කිඹූල් කදුළු හෙලනවා.මේවා ජනතාව දන්නවා.එදා 1971 දි 88/89 කාල වකවානුවලදි මේ රට ආරාජික කළ ආකාරය පිළිබදව ජනතාව හොද වැටහිමක් තියනවා.අපි මැතිවරණ තියනවට කැමතියි.නමුත් රටේ ආර්ථික තත්වය ගැන බැලිය යුතුයි.විපක්ෂයේ සිටින විට මැතිවරණ ඉල්ලනවා.ඒක සාමන්‍ය දෙයක් ජනතාව බහුතරයක් මේ වෙලාවේ මැතිවරණ ගැන කතා කරන්නේ නැහැ.රජය විසින් විවිධ බදු වර්ග පනවලා තියනවා.මේ සිදු කරන්නේ රටේ ආර්ථික තත්වය ඉහල නැංවිමටයි.මේකටත් අකුල් හෙලන කණ්ඩායම් ඉන්නේ.අපි මේ සියලු අභියෝග හමුවේ රටක් ලෙස ඉදිරියට යා යුතුයි.ඒ සදහා සියලු පක්ෂ නායකයින් වට මේසයට පැමිණ කතා කළ යුතුයි.අද විපක්ෂයේ කණ්ඩායම් බලන්නේ ජනතාවට කුමන හෝ බොරු කතා කියමින් නොමග යවමින් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනිමටයි.රටේ ආර්ථික තත්වය යහපත් අතට හැමරෙමින් පවතිනවා.තව මාස කිහිපයක් යන විට සහන රැසක් ලබා දෙන්න ආණ්ඩව සුදානම් .ඒ සදහා අප ට සිදු කළ යුතු සියලු කැපකිරිම් සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *