පරිත්‍යාගය සහ සහෝදරත්වය මුල් කරගනිමින් ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරනු ලබන ඊදුල් අල්හා හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී මුස්ලිම් ජනතාව වෙත අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය සුබපැතුම් පණිවුඩය එක් කර තිබෙනවා. ඇය සිය පණිවුඩය හරහා පෙන්වා දෙන්නේ විවිධ වෙනස්කම් ඉක්මවා ගොස් එකට සිටීමේ වටිනාකම සහ සහකම්පනය මෙම උතුම් දිනය තුළින් මැනවින් පිළිබිඹු වන බවයි. සියලුම මානව වර්ගයා අතර පවතින ආදරය සහ බැඳීම තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙවැනි උත්සව අවස්ථාවන් මහත් පිටුවහලක් වන බව ද අගමැතිනිය වැඩිදුරටත් සිහිපත් කරනවා.














