ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් හා උත්සවශ්‍රීයෙන් සමරනු ලබන ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබපැතුම් පණිවුඩය එක් කර තිබෙනවා. අද දිනට යෙදී ඇති මෙම උතුම් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ විවිධ වියවුල්වලින් පිරුණු ලෝකයක මිනිසුන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය බැඳීමේ සහ සහජීවනයේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයක් හජ් උත්සවය තුළින් ලෝකයට සපයා දෙන බවයි. මෙරට මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටම සාමය සහ සතුට පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයා සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා.














