27 April 2024
#දේශීය #පුවත්

ඡන්දේ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුවයි – ජනාධිපති මාධ්‍ය අංශය

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *