27 April 2024
#දේශීය #පුවත්

නව ධීවර පනත් කෙටුම්පත ජනතාව තුළට ගෙනයාම ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් – ධීවර ඇමැති ඩග්ලස්

නව ධීවර කෙටුම්පත ධීවර ජනතාව තුළට ගෙනගොස් ඔවුන් දැනුවත්කර ඔවුන්ගේ අදහස් ලබාගෙන ඒවාද ඇතුළත්කර නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරීම උදෙසා අවශ්‍ය කටයුතු සුදානම් කිරීමේ ප්‍රධාන වගකීම ධීවර දිස්ත්‍රික් 15ක සිටින ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) දින ධීවර අමාත්‍යංශයේ ෂුම් (zoom) තාක්ෂණය ඔස්සේ පැවැති දිවයිනපුරා ධීවර සහකාර අධ්‍යක්ෂක වරුන්ගේ රැස්වීමේදිය.

උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඉන්දීය ධීවර ආක්‍රමණය නැවැත්වීම සදහා ද ගන්නා ක්‍රියා මාර්ග දැනට ඉතා දැඩිව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පැවසිය.

තහනම් පන්න ක්‍රම වලින් මසුන් ඇල්ලීම නැවැත්වීමට හා විශේෂයෙන් ඩයිනමයිට් යොදාගන සිදුකරන මසුන් මැරීම නැවැත්වීමට ආරක්ෂක අංශ සමග එකතුව ඉතා ප්‍රභලව ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරුන්ට අමාත්‍යවරයා උපදෙස් දුනි.‍

මෙම අවස්ථාවට ධිවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු නිලධාරින් රැසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *