• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Elephant House, USAID, සහ Viridis එක් ව කාන්තාවන් සවි බල ගැන්විමේ වැඩසටහනක් මඩකලපුවේ දී ක්‍රියාත්මක කරයි

18 March 2024
in පුවත්, ව්‍යාපාර
Elephant House, USAID, සහ Viridis එක් ව කාන්තාවන් සවි බල ගැන්විමේ වැඩසටහනක් මඩකලපුවේ දී ක්‍රියාත්මක කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Ceylon Cold Stores (Elephant House), United States Agency for International Development (USAID), සහ Viridis Recycling යන ආයතන එක් ව, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ නිරත ව සිටින කාන්තාවන් ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මෙන්ම එම කාන්තාවන් විසින් මෙරට පරිසරය වෙනුවෙන් සිදු කරනු ලබන සේවාව ඇගයීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.658

මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ ශාලාවේ දී පැවැත්වුණු මෙම වැඩසටහන අතරතුර දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් නිර්මාණය කළ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ ජාලය සහ එම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ මධ්‍යස්ථානය (MRF) පිහිටුවීම සනිටුහන් කෙරුනි .

මෙම උත්සවයට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් ඊ. සොනෙක්, නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් සහ අනෙකුත් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. එමෙන් ම මෙම උත්සවය ආරම්භ වීමට පෙර ‘අපද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කර ගනිමු’ යන තේමාව යටතේ පසු භාවිත ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් ද පැවැත්විණි.

අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඒ හරහා පසු භාවිත ප්ලාස්ටික් මගින් පරිසරය වෙත සිදු වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින්, Elephant House සමාගම විසින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමෙහි නිරත වෘත්තිකයින් වෙත විද්‍යුත් බයිසිකල් පිරිනැමීම ද මෙම වැඩසටහනේ දී සිදු කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ John Keells Holdings සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා ප්‍රකාශ කළේ, “මෙම විද්‍යුත් බයිසිකල් පිරිනැමීම හරහා, පරිසරය සුරක්ෂිත කිරීම සහ ජනතාව සවි බල ගැන්වීම වෙනුවෙන් නව්‍යෝත්පාදන විසඳුම ක් ඉදිරිපත් කිරීමට අපගේ ඇති කැපවීම පිළිබිඹු කරනවා. එමෙන්ම කාව්‍යා ‘ ස්වයං සංවර්ධන කාන්තා මධ්‍යස්ථානය සමඟ අත්වැල් බැඳ ගනිමින්, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හරහා අපගේ පාරිසරික, සාමාජීය හා යහපාලන (ESG) ඉලක්ක සාක්ෂාත් කර ගැනීමටත් අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඩග්ලස් ඊ. සොනෙක් මහතා මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ, “ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීමට මෙන් ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාව බල ගැන්වීම සඳහා සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් ම කටයුතු කරනවා. දරිද්‍රතාව අවම කිරීමට නම් කාන්තාවන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව අපි විශ්වාස කරනවා. ඒ නිසා ම කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය නැංවීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය නිරන්තර සහයෝගය ලබා දෙන බව පැවසිය යුතු ම යි.” යනුවෙනි.

මෙම අවස්ථාව ඇමතූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා මඩකලපුව ප්‍රදේශය ආශ්‍රිත කාන්තාවන්ගේ කැපවීම හා ධෛර්යය ඇගයීමට ලක් කළ අතර, මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ ආයතන හා සංවිධානවලට සිය ප්‍රසාදය පළ කළේය. එමෙන් ම එහි දී වැඩි දුර අදහස් දැක්වූ ඒ මහතා පාරිසරික හා සාමාජීය පරිවර්තනයක් ඇති කිරීම සඳහා ජනතාව මෙහෙයවන මෙවැනි වැඩසටහන්වල කාලීන අවශ්‍යතාව සහ මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ ව ද අවධාරණය කළේය.

වෙරළබඩ ප්‍රදේශ පහක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය, ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට සමත් වී ඇති අතර, සම්පත් කාර්යක්ෂමව සහ තිරසාර ලෙස භාවිත කිරීම, අපද්‍රව්‍ය නැවත භාවිත කළ හැකි අයුරින් සැකසීම සහ පුනර්ජනනය යන සංකල්ප වෙත මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවගේ අවධානය යොමු කරවීමට ද සමත් වී ඇත. Elephant House, USAID, සහ Viridis යන ආයතනවල අනුග්‍රහය සහිත ව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ප්ලාස්ටික් ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කර, ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කාන්තාවන් පුහුණු කරන අතර, ආදායම් උත්පාදනයට අවස්ථාව සලසා දීම හරහා කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සඳහා මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන් දිරිමත් කිරීම වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ‘ කාව්‍යා ‘ ස්වයං සංවර්ධන කාන්තා මධ්‍යස්ථානය හා සම්බන්ධ, අපද්‍රව්‍ය එකතු කිරීමේ වෘත්තියෙහි නිරත කාන්තාවක් වන රෝහිණී දර්ශන් මහත්මිය අදහස් දක්වමින් , ” මට දැන් පරිසරය පිරිසිඳු කිරීමට වගේ ම ඒ හරහා ආදායමක් ලබා ගැනීමේ හැකියාවත් ලැබී තිබෙනවා.” යනුවෙන් පැවසුවාය.

Post Views: 8,572
Previous Post

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සහ නියාගම රෝහල් සංවර්ධන ව්‍යාපෘති අගමැති අතින් විවෘත කෙරේ

Next Post

හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved