27 April 2024
#පුවත් #සංවර්ධන

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සහ නියාගම රෝහල් සංවර්ධන ව්‍යාපෘති අගමැති අතින් විවෘත කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණ.

දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය මගින් උඩුගම මූලික රෝහලේ රුපියල් මිලියන 400 ක වියදමින් මෙම නව සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, ඒ තුල ශල්‍යාගාර 03 ක්, හදිසි ප්‍රතිකාර එ්කකයක් සහ වෛද්‍ය වාට්ටු 02 කින්ද වන අතර 2017 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, රට තුල ඇති වූ කොවිඩ් සහ ආර්ථීක අර්බුද හමුවේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනූව මාස 08 ක් වැනි කාලයක් තුල මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන් කිරිමට පියවර ගැනිණි.

නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලද තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර සදහා වැය කළ මුදල රුපියල් කෝටි 9.5 කි. දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය මගින් 2021 වර්ෂයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත. පළමු අදියර තුල බාහිර රෝගී අංශය, සායන සහ හදිසි ප්‍රතිකාර එකකයක් ද වන අතර මෙහි දෙවැනි අදියරේ ඉදිකිරිම් කටයුතු සිදු කිරීම සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 20 ක ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩ, යදාමිනී ගුණවර්ධන, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ප්‍රාථමික සෞඛ්‍ය සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන යන මහත්ම මහත්මින්ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *