• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

19 March 2024
in පුවත්, ව්‍යාපාර
හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර, එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය.

ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා කැප වෙමින්, ඒ ඒ රෝගීන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවාවක් ලබා දෙන හේමාස් රෝහල් ජාලය කාන්තාවන් සඳහා ම විශේෂයෙන් සකස් කරන ලද සෞඛ්‍ය පැකේජ මාලාවක් හඳුන්වා දී ඇත.

එමෙන් ම ආකර්ෂණීය මිල ගණන් යටතේ ලබා දෙන මෙම සෞඛ්‍ය පැකේජ විවිධ බැංකු හරහා මෙන් ම ඩිජිටල් සෞඛ්‍ය සේවා හරහා සීමිත කාලයක් සඳහා ලබා ගත හැකි වීම ද විශේෂිත ය.

ඒ අනුව, හේමාස් රෝහලෙන් පමණක් ලබා ගත හැකි පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මැමෝග්‍රෑම් පරීක්‍ෂණය කාන්තාවන්ට ඉතා සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර, එය පියයුරු පිළිකා කල් තියා හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම තුළින් ජීවිත අවදානම මඟ හරවා ගැනීමේ අවස්ථාව දා කර දෙයි. මාර්තු මාසය තුළ ක්‍රියාත්මක වන HER MARCH වැඩසටහන, පියයුරු පිළිකා හඳුනා ගැනීමේ මැමෝග්‍රෑම් පර්යේෂණ වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කිරීමට හේමාස් රෝහල කටයුතු කරයි.

HER MARCH වැඩසටහනට සමගාමී ව පුළුල් පරාසයක සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළත් WellWomen පැකේජයක් පිරිනැමීමට හේමාස් රෝහල් ජාලය කටයුතු කරන අතර, එහි දී full blood count සහ lipid profile, TSH හා ESR පරීක්ෂණ ආදී වශයෙන් සෞඛ්‍ය පරීක්ෂණ ගණනාවක් සඳහා විශේෂ වට්ටම් පිරිනැමීම විශේෂිත ය.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා යහපැවැත්මේ වැදගත්කම ප්‍රවර්ධනය කරමින් සිය නිවාරණ සෞඛ්‍ය සේවාවන් ද පුළුල් කිරීමට කටයුතු කර ඇති හේමාස් රෝහල් ජාලය, අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනා ගැනීම සඳහා විවිධ වූ පර්යේෂණ ප්‍රවර්ධනය කරයි.

HER MARCH ප්‍රවර්ධන කාලසීමාව තුළ, හේමාස් රෝහල් ජාලය සමඟ අනුබද්ධිත ඇඩෝරා කොස්මටික් මධ්‍යස්ථානය හරහා ලබා දෙන රූපලාවණ්‍ය සත්කාර සඳහා ද සුවිශේෂී වට්ටම් ලබා දෙන අතර, ඇඩෝරා කොස්මටික් මගින් නවීන තාක්‍ෂණයන් යුත් ශල්‍ය සහ ශල්‍ය නොවන රූපලාවණ්‍ය ප්‍රතිකාර රාශියක් ලබා දෙන බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

සිය ආරම්භක කාල වකවානුව වන 2008 වසරේ සිට මෙරට සෞඛ්‍ය සේවා අංශය තුළ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස පෙරට ම පැමිණි හේමාස් රෝහල් ජාලය, අති නවීන පහසුකම් සමඟින්, ගුණාත්මක භාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂම රෝගී සත්කාරයන් සැපයීම වෙනුවෙන් සුවිශේෂී කීර්තියක් හිමි කර ගෙන සිටී. හේමාස් හෝල්ඩිංග්ස් අනුබද්ධිත හේමාස් රෝහල් සමූහය ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ACHSI) ප්‍රතීතනය ඇතුළු ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෙන් ම ඒකාබද්ධ කළමනාකාරිත්වයක් යටතේ ක්‍රියාත්මක වන එක ම ශ්‍රී ලාංකේය රෝහල් ජාලය ලෙස හඳුන්වා දිය හැකි ය.

HER MARCH වැඩසටහනට සමගාමී ව සහ හේමාස් රෝහල් ජාලය වෙතින් ලබා දෙන විශේෂ කාන්තා සෞඛ්‍ය පැකේජ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට 0777865027 සහ 0773627866 යන දුරකථන අංක අමතන්න.

PR

Post Views: 6,551
Previous Post

Elephant House, USAID, සහ Viridis එක් ව කාන්තාවන් සවි බල ගැන්විමේ වැඩසටහනක් මඩකලපුවේ දී ක්‍රියාත්මක කරයි

Next Post

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – රාජ්‍ය අමාත්‍ය ජානක

editor ttvnews

editor ttvnews

Next Post
රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – රාජ්‍ය අමාත්‍ය ජානක

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් - රාජ්‍ය අමාත්‍ය ජානක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved