27 July 2024

අලින්ට ඇඳ තිබු විදුලි රැහැනක පැටලි අයෙකු මරුට

ගල්කිරියාගම, ඉදිගොල්ලාගම වැවේ මාළු ඇල්ලීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි අයෙකු ඊයේ (23) විදුලිසැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 21 ක් වු ඉහල උල්පතගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ මාළු ඇල්ලීමට ගොස් නැවත එමින් සිටියදී ඉහත වැව අසල වන අලින් සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෘත ශරීරය ගල්කිරියාගම රෝහලේ තැන්පත් කර තිබේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (24) දින සිදු කිරීමට නියමිත අතර ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *