27 April 2024
#දේශීය

දිඹුලාගල වල විශේෂ ව්‍යාපෘති 34 ක් දියත් කරනවා රාජ්‍ය ඇමති රොෂාන් පවසයි

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ ව්‍යාපෘති 34ක් දියත් කිරිම සඳහා මන්ත්‍රින් සඳහා වෙන් කරන විමධ්‍යගත අරමුදලින් මුදල් වෙන්කිරිමට පියවර ගෙන ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විමධ්‍යගත අරමුදලින් ව්‍යාපෘති දියත් කිරිමේ සමාරම්භක උත්සවයේ දීය.

පොදු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහන සැලසීමට ඉවහල් කරගැනීම කාලෝචිත බවත් තමාගේ විමධ්‍යගත අරමුදලින්, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙහි දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ,ඉදිකිරීම් ව්‍යාපෘති 12 ක් සහ මිළදී ගැනීම් ව්‍යාපෘති 22 ක් වශයෙන් ව්‍යාපෘති 34 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදල් ප්‍රතිපාදන වෙන්කරලා තිබෙන බව හෙතෙම පැවසිය.

ස්වයං රැකියා ව්‍යාපාර ඇරඹිමත් නව ව්‍යවසායකින් ගොඩ නැංවීමත් තමාගේ අරමුණක් බවත් එතුලින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩි දියුණු කර නව වෙළඳපොළක් ඇති කරන්න පුළුවන් බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේය.

මෙම අවස්ථාවට දිඹුලගල වැලිකන්ද ප්‍රධාන සංවිධායක ජගත් සමරවික්‍රම මහතා,දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා,දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රින් සහ දේශපාලන අධිකාරිය ද නිලධාරින් ද සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *