ඊලොන් මස්ක්ට අයත් X (පෙර ට්විටර්) සමාජ මාධ්‍ය ජාලය සහ එහි Grok AI තාක්ෂණික පද්ධතිය ඊයේ (2026 මාර්තු 26) රාත්‍රියේ සිට බරපතල බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් දහස් ගණනක් ස්වයංක්‍රීයව තම ගිණුම්වලින් ඉවත් වී ඇති අතර (Logged out), නැවත ඇතුළු වීමට උත්සාහ කිරීමේදී “Authentication failure” වැනි දෝෂ පණිවිඩ දර්ශනය වන බව වාර්තා වේ.
Downdetector දත්තවලට අනුව, Grok සහ X සම්බන්ධයෙන් පැමිණිලි 2,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ඇතැම් පරිශීලකයන්ට තම විද්‍යුත් තැපැල් ලිපිනයන් පද්ධතිය විසින් ප්‍රතික්ෂේප කරන බවට (Email domain rejected) පණිවිඩ ලැබී ඇත. මෙම බිඳ වැටීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද, එය සර්වර් පද්ධතියේ පවතින දෝෂයක් බව තාක්ෂණික අංශ සැක පළ කරයි.
මෙම ගැටලුව මඟහරවා ගැනීම සඳහා X ඇප් එක සම්පූර්ණයෙන්ම වසා දමා (Close) නැවත විවෘත කිරීම හෝ වෙබ් බ්‍රවුසරය “Restart” කිරීම මගින් තාවකාලික විසඳුමක් ලබාගත හැකි බව විශේෂඥයෝ පවසති.

















