27 April 2024
#දේශීය

සේවක අරමුදල් සුරක්ෂිතයි , මහජන බැංකුවේ උපන්දිනයට සුබ පතමින් අගමැති සහතික වෙයි

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ස්වෛරිත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් අදට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට, පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කලේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය “ගරු කතානායකතුමනි, අද දින විශේෂයන් සංයුක්ත ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම සඳහා වන යෝජනා සම්මතය ගැන විවාදය ආරම්භ වෙලා තිබෙන අවස්ථාවේ ඒකට එක් වීමට පුළුවන් වීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. පසුගිය මාස 10 , 11 තුළ අප රට ගමන් කරපු දරුණුත ම අර්බුදය බොහෝ විට පාර්ලිමේන්තුවට හෝ පාර්ලිමේන්තුවේ සිටින සමහර නායක නායිකාවන්ට අමතක වී තිබෙනවා. අපි ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ අවස්ථාවට පිවිසෙන්නට සිදුවුණේ ඒ ඇතිවුණු ඒ බංකොලොත්භාවය හා සමාන ප්‍රකාශනය ප්‍රකාශයට පත් කිරීමෙන්.
මේ තත්ත්වයෙන් ගොඩ ඒමේ අවශ්‍යතාවය අපට පළමුවෙන් තිබෙනවා. ඒ සඳහා වූ විශ්වාසය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ලෝක බැංකුව හා අපට ආධාර කරන ණය කරුවන්ගෙන් සමන්විත රට රටවල් හා පෞද්ගලික ණයකරුවන් සමඟ අප කටයුතු කරා. ඒ ගැන පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමා වර්තා කරලා තිබෙනවා, මුදල් අමාත්‍යතුමා හැටියට. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා වාර්තා කරලා තිබෙනවා.

මම විශේෂයෙන් කෙටියෙන් සඳහන් කරන්න කැමතියි අද දින, Today we are gathered once again to discuss and an arrive at a consensus on an important matter which is of extreme National importance. Owing to the pre-mature comments, speculations and assumptions and various guesswork by the hon. members of the Opposition, serious confusions have arisen among the members of the public under such disorientation.

As a government we take the full responsibility for every step proposed by us and tabled in this Parliament on this matter and clearly stand by the assurances already given by the relevant stakeholders the Central Bank of Sri Lanka, Secretory to the Treasury and the confirmation to the public statement made by excellency president Ranil Wickramasinghe. It is also were the of mentioning. That important and recognized. Business chambers to having those most of these proposes.

ගරු කතානායකතුමනි I wish to re-confirm these on behalf the cabinet of ministers to considered all excepts of this issue before presenting to the parliament. I hope to dual in several issues in short in the criticism level in this manner. Hon. Speaker, the understanding with the IMF. Importance of restoring our debt sustainability. we thought we will be start badly in the Economic mess. We were given in to by the bankruptcy pay pronouncement. We have to reduce the public debt to 95% from 128% by 2032.
Our business community and households are embedded. I agree. In a burden resulting from adverse economic told leading to further fiscal stance, straggling all of us.

Hon. Speaker, to reduce a level of public debt, in addition to the restructuring of external public debt a program of domestic debt or get optimization was necessary to maintain debt sustainability within a fordable and manageable levels. Hence, part of complaints to meet the debt of sustainability standers pronounce following debts sustainability analysis conducted by IMF. A program had to be introduced authentically determine under the subsidiary legislation that will has been followed. This paper is detailed out the DDO recommend to meet this requirement. The recommendations include the following areas of concerns taken into consideration. Which have been discuss over and over again and I think also by the Finance committee. To restructure the debt held in Sri Lanka development bonds and certain bank loans for the government while insuring. Aim of achieving substantial flow itself. To the design debt treatment while preserving financial stability. Pre debt to official bilateral and commercial creditors to be restructured through extension of grace periods and maturity with combination of other applications where necessary in feasible. For to fulfil the Investor and the investor satisfaction aggressing impact of financial stability to satisfy the requirements of the recommended parameters under the DS analysis conducted by the IMF. According to the guidance tendered by the financial legal advices for the government.

ගරු කතානායකතුමනි, මම මේ කාරණා කිහිපය සඳහන් කළේ, යළි යළිත් ඒ පිළිබඳ දීර්ඝ විවාදයන් ඇති කරන්න නෙමෙයි. අපේ රටේ තත්වය තිබුණු ආරාජික තත්ත්වයෙන් ගොඩ ගෙන රට ස්ථාවරභාවයකට ගෙනල්ලා තිබෙනවා. ඒ වාගේම ආර්ථික ජීවන තත්ත්වය, ජනතාවට බරක් වුනත්, යම්කිසි සහනදායී තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා. ආර්ථික ක්‍රියාදාමය නිෂ්පාදන ක්ෂේත්‍රවල ආරම්භ වී තිබෙනවා. සමහර ක්ෂේත්‍රවල අඩපණ වී තිබෙන ක්ෂේත්‍ර ගැන රජය විශේෂයක් දක්වලා තිබෙනවා. එය ගැන අපි වහා මැදිහත් වීම වහාම බලාපොරොත්තු වෙනවා කර්මාන්ත ක්ෂේත්‍රයේ. අපේ රටේ බැංකු ගැන කතා කරන්න ඕන.

අද බැංකු ගැන කතා කළා. මම විශේෂයෙන් ඔබතුමාට සිහිපත් කරනවා, අද ජූලි පළවෙනිදා. සමුපකාර දිනය වගේම මහජන බැංකුව ඇති කළ දිනය. අද ලංකාවේ මහා පෙරළිය වූ බැංකු ක්‍රමයට ඇතුල් වෙච්ච ලොකුම බැංකුව තමයි මහජන බැංකුව. ඒ උපන්දිනයට සුබ පතන්න ඕන. ඒ බැංකුව බංකොලොත් කරවන්න පසුගිය සුමාන දෙකබ, තුන තුළ විරුද්ධ පක්ෂය පුළුවන් තරම් නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරා. රාජ්‍ය ඇමතිතුමා ඒ පිළිබඳව පැහැදිලි කරා. ඔවුන් බලාපොරොත්තු වුණා, තැන්පත්කරුවන් ඉවත් වෙන්න පටන් ගනියි කියලා. එවැනි තත්ත්වයක් ගොඩ නැගීමට උත්සාහ දැරීම ගැන මා කණගාටු වෙනවා.

මං අද වෙන විට ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනගහනය හා සංසන්දනය කරනකොට මිලියන 57ක බැංකු ගිණුම් රටේ පවත්වාගෙන යනවා. මිලියන 57ක ඒ සෑම බැංකු ගිණුමකට අපි විශ්වාසයක් මේ තුළින් අද ඇති කළා. මේ එකඟතාවය ප්‍රකාශයට පත් කිරීමෙන් මහ බැංකු අධිපතිතුමා, ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ ඒ විශ්වාසය ඇති කළා. බැංකු ගිණුමක් තියෙන කිසි කෙනෙක්ට සැකයක් ඇති කරලන්න මවාපාපු ඒ බරපතළ බිල්ලාව අද සුළඟට ගොස් තිබෙනවා. ඒ ගැන කිපී, නොයෙක් නොයක් වදන් සඳහන් කරන්න පුළුවන්. නමුත් මේ රටේ බැංකු ගිණුමක් ඇති හැමදෙනාම රජයේ බැංකු පමණක් නොව පෞද්ගලික බැංකුවල පවා, රාශියක් පෞද්ගලික බැංකු තියෙනවා. ඒ විශ්වාසය රජය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම බැංකු ක්‍රමය විශ්වාසනීයභාවයත් රටේ ජනතාවට ලබාදීම තුළින්, මූල්‍ය ක්ෂේත්‍රයේ රටේ ආර්ථිකයට එක්කාසු කිරීමේ විශ්වාසය හා අවශ්‍යතාවය ඇති ජනතාවගේ සියළු බැංකු ගිණුම් වත්කම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර දෙන්න රජය ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඒ නිසා විවිිධ ආකාරයෙන් අර්ථ නිරූපණය කරන ලද බිල්ලන් මවා පෑවා. නමුත් ඒ රැවුළයි, කැඳයි දෙකම බේරාගෙන ඒ කියන්නේ මූල්‍ය බැංකු පද්ධතිය වගේම, ගිණුම් කරුවන්ට අවශ්‍ය විශ්වාසය ආරක්ෂා කරනවා.

 

මම විශේෂයෙන් දෙවැනි කාරණයට සම්බන්ධ වෙන්න කැමැතියි. බොහෝ වේලාවක් ගත කරා EPF එක ගැන. ගරු කථානායකතුමනි, The EPF which was established by the 1956 government in 1958 under the central bank of Sri Lanka is the largest public investment portfolio in most parts when we compare with Asia or valuing 3.5 trillion rupees today.

ගරු කතානායකතුමනි, එහි භාරකරු තමයි මධ්‍යම බැංකුව. එහි භාරකරු හැටියට විශාල වගකීමක් මධ්‍යම බැංකුවට තිබෙන බව මධ්‍යම බැංකු අවබෝධයෙන් තමයි ඒ කටයුත්තට අඛණ්ඩව කටයුතු කර තිබෙන්නේ. එහි සාමාජික සාමාජිකාවන් සැමටම අපි යළිත් ප්‍රතිඥාවක් දෙනවා. විවිධ ආකාරයේ අර්ථ නිරූපණයන්වල පෙන්නුම් කරපු ගමන හෝ අනතුර සිදු වෙලා නැති බව. EPF නැත්තම් සේවක අර්ථසාධක අරමුදලටත්, ඒ වගේම ETF එක Employment Trust Fund මේ දෙකම අද දැවැන්තම මූල්‍ය තැන්පතු තිබෙන ආයතන ලෙස අපි ආරක්ෂා කරනවා. මේ අරමුලේ වත්කම් වටිනාකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එය අපේ රටේ වැඩකරන ජනතාවට සම්බන්ධ නිසා. මේ රටේ වැඩකරන ජනතාව ලක්ෂ ගණනින් රැකියාවලින් දොට්ට දමන බව ඔබතුමාලගෙම කථාවන්වල යළි යළිත් කියවා බැලුවොත් සිහිපත් වෙයි පසුගිය මාස 10. එහෙම තත්ත්වයකින් හැකි තරම් දුරට ඉතාම අවම තත්ත්වයක පවත්වාගෙන යමින් ඒ අයින් වෙන ප්‍රමාණයන් පෞද්ගලික අංශයේ අඩු කරගෙන ගමන් කරන්නට පුළුවන්කමක් අපි ඇති කරා.

ඒ වගේම මේ භාර අරමුදල් දෙක සතු වත්කම් සුරක්ෂිතව පවත්වාගෙන යන විවිධ කතන්දර කියන්න පුළුවන්. මම සිහිපත් කරන්න කැමතියි, විශේෂයෙන් මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට මතක ඇති, අපි එහා විපක්ෂයේ ඉන්න කොට මහජන බැංකුව බංකොලොත් කියලා මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයෙක් එදා ප්‍රකාශ කළා. ඩී.බී. විජේතුංග අගමැතිතුමා. මගේ මිත්‍ර කිරිඇල්ල මන්ත්‍රීතුමාට මතක ඇති, අපි එහා පැත්තෙ ඉන්න කොට මහජන බැංකුව වහන්නට දවස් කීපයක් සිද්ධ වුණා, එය මහා හෝදා පාළුවට ලක් වෙයි කියලා. ඒක මම වෙයි කියලා තමයි ඔබතුමාලා‍ මේ සුමාන දෙකේම උත්සාහ කළේ. කණගාටු වෙනවා. නමුත් අපි එදා මහජන ශක්තිය ගොඩ නඟමින් මහජන බැංකුවේ සේවකයන්ගේ විශ්වාසය හා තැන්පත්කරුවන්ගේ විශ්වාසයෙන් මහජන බැංකුව ආරක්ෂා කර ගත්තා.

මගේ මිත්‍ර එරාන් වික්‍රමනායක මන්ත්‍රීතුමා ඒ කාලේ කොහේ හිටියද කියලා මම දන්නේ නැහැ. ආ පාසලේ. ඔබයි මගේ රාජකීය විද්‍යාලයේ ඔබ සිටිය බව සඳහන් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. අද වන විට උද්ධමනය 12%කට අඩුවී ඇති බව සඳහන් වෙනවා. මේ අඩුවන උද්ධමනය හරහා 9%ක අවම පොලියට වුණත් ඉතා වැඩි වටිනාකමක් තියෙන මුදලේ අගයක් ගෙවීමට කටයුතු කරන බව ප්‍රතිඥා දී තිබෙනවා. The real value of money will increase amidst the fall of inflation to around 12% as recorded in June even at the 19% is the minimum interest will have it real venue of money growing. මෙය අවමය ලෙස සහතික වනවා ඇති.

මා යළිත් එය ප්‍රකාශ කරනවා. ඒ නිසා මවාපාපු නොමඟ යවන ප්‍රකාශයන්වලට අපේ රටේ ලක්ෂ ගණන් වැඩකරන ජනතාව ගොදුරු කිරීමට අපි කටයුතු කිරීමට ඉඩ තබන්නේ නැති බව මේ ක්‍රියාවලියෙන් ඉතා පැහැදිලිව යළිත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම වසරකට පෙර පැවති ආර්ථික අඳුරු තත්ත්වය මේ වනවිට වෙනස් කරනවා වගේම, මීට අතිරේකව අපේ රටේ විවිධ අවශ්‍යතාවයන් මිලට ගැනීමට බලා සිටපු ජනතාව පෝලිම්වල හිටියා. අද එය ඉවත් කළා. ජුලි මාසයේ 1 වෙනිදා සිට මම හිතන්නේ බස් ගාස්තු, දුම්රිය ගාස්තු වැඩි වුණේ නෑ. තෙල් ඉන්ධන මිල ඉහළ ගියේ නෑ. විදුලි ඒකක මිල ගණන් නොයෙක් ඇවිත් කිව්වට එය යළිත් යම්කිසි දුරකට ගරු අමාත්‍යතුමා හා ඒ ආයතනය විසින් ප්‍රතිසංවිධානයක් පත් කරලා තිබෙනවා. මේ සෑම එකක්ම ජීවන වියදම පහත ගෙන ඒමටත්, අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ සඳහා සහනදායී තත්ත්වයක් ඇතිවෙනවා. තීරුබදු ගාස්තු අඩු කිරීමෙන් ආනයනයන් වැඩි කිරීමට 300කට අධික භාණ්ඩ හා ප්‍රමාණයකට ඒ සහනය ක්‍රියාත්මක කරන්නට රජය ආරම්භ කරලා තිබෙනවා. එහෙමනම්, කර්මාන්ත ක්ෂේත්‍රයේ සංචාරක අංශයටදථ කම්හල්වලටද විදුලි ඒකකය යම් යම් සංශෝධනයන්ට පත්වෙනකොට එම ක්ෂේත්‍රවලට ද අදට වැඩිය විශ්වාසයෙන් කටයුතු කළ හැකි කාලපරිච්ඡේදයකට පැමිණෙනවා.

ඒ වගේම ආර්ථික නිෂ්පාදනයේ යෙදී සිටින අනිත් අංශවලට ද ඒ හා සමාන විශ්වාසයකින් ආර්ථිකය යළි ශක්තිමත් කරගැනීමට සහභාගීවන අවස්ථාව මෙම යෝජනාවේ අන්තර්ගත කර තිබෙනවා. කතානායකතුමනි මම කතාව අවසන් කිරීමට මත්තෙන් තවත් වැදගත් කාරණාවක් මතක් කරන්නට ඕනේ. ගිය වසර දිහා බලන විට අද ආර්ථිකය වඩාත් ශක්තිමත් හා සුරක්ෂිතව තැනකට ගෙනැවිත් තිබෙන බව ඉතා පැහැදිලියි.

ඇමරිකානු ඩොලරය රුපියල් 360කට තමයි අපි අපි රජය බාරගන්නා අවස්ථාවේදීත් ජනාධිපතිතුමත් සිටියේ. අද 300කට ආසන්න අගයකට ගෙනවිත් තිබෙනවා. ඒ උත්පාදනය වෙන්න පුළුවන් උඩට පල්ලෙහාට. නමුත් විදේශ සංචිත බින්දුවට ගිහින් තිබුණා. අද ඩොලර් බිලියන තුනකට විදේශ සංචිතය ස්ථාවර කර තිබෙනවා. සංචාරක පිරිස් ලංකාවට ආවේ නැහැ. රටටවල්වලින් ගුවන් යානා හා සංචාරකයින් දහස් ගණනින් ලංකාවට පැමිණෙනවා. අනෙක් රටවල්වල වෙළඳපොළවල් සඳහා අපට ගනුදෙනු කරන්න පුළුවන්කම අපේ බැංකු ක්‍රමයට ඇති වුණා. අපේ බැංකු ක්‍රමය ඇණහිටින තත්වයකට පත් වෙලා තිබුණේ. බොහෝ අයට අමතකයි. මේ බැංකු ක්‍රමයට අද විදෙස් බැංකු සමඟ විශ්වාසයෙන් ගනුදෙනු කරන්නට පුළුවන්කමට ඒ සඳහා ගැනුම්කරුවන්ට කටයුතු කරන්නට පුළුවන්කම මේ වැඩසටහනෙන් ඇතුළු වෙනවා.

ඒ නිසා ගරු කතානායකතුමනි, මම එසේ සඳහන් කරමින් මට ලැබුණු වේලාව අනුව මා විශ්වාස කරනවා විරුද්ධ පක්ෂය මේ උත්සාහ දරන ක්‍රියාවලියෙන් මිදිලා ජාතික අර්බුදකාරී අවස්ථාවක ගමන්කරන ක්‍රියාවලියේ මේ වගකීම එලෙස සහයෝගය දීලා ඉටු කරාවි කියලා. විවේචනයට අපි හැමතිස්සෙම ඉඩකඩ ලබාදී තිබෙනවා. ඒ වගේම මේ ගන්න පියවර ගැන ප්‍රධාන වශයෙන් යළිත් මම සිහිපත් කරනවා. කොටස් තුනකට මිථ්‍යාවක් ගොඩනඟන්නට දැරූ ඔබේ උත්සාහය අසාර්ථකයි. ලංකාවේ මිලියන 57ක බැංකු ගිණුම් කරුවන්ව බය කළා. එය ඔබ උත්සාහ දරපු දෙය අසාර්ථක වී තිබෙනවා. බැංතකු බංකොලොත් කිරීමේ උත්සාහයකට එය පරිවර්තනය කරන්නට බැලුවා. එයද අසාර්ථක වී තිබෙනවා.

අපේ රටේ වැඩකරන ජනතාව තැන්පත් කර තිබෙන සේවක අර්ථසාධක අරමුදල සහ ETF එක අපේ ව්‍යාපාරික ප්‍රජාවට ද ඒ සැකය ඇති කරන්න දැරූ උත්සාහය අසාර්ථක වී තිබෙනවා. රජයක් හැටියට අපි දරන මේ ‍යෝජනාවලිය IMF එක හා ලෝක බැංකුවගෙත් හා ඒ වගේම අපිට සහයෝගය දක්වන දේශීය බැංකු ක්‍රමයත් සමඟම එතකට ගමන් කර සාර්ථකත්වයට ගෙන ඒමට දරන උත්සාහයට සහය වන්නට කියලා යළිත් මම අග්‍රාමාත්‍යතුමා හැටියට ආයාචනය කරන්න කැමතියි. පාර්ලිමේන්තුවේ දේශපාලන මතවාද මොනවා තිබුණත් මේ වැදගත් අර්බුදයෙන් අපිට එගොඩ වෙන්නටසැප්තැම්බර් මාසය වනකොට වඩාත් ශක්තිමත් මූල්‍ය හා ආර්ථික තත්ත්වයකින් රට ඉදිරියට ගමන් කරන්නට ඇති ක්‍රියාමාර්ගයට හවුල්කාරයින් බවට පත් වෙන්න කියලා. ස්තූතියි.යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *