27 April 2024
#දේශීය

අම්මා තාත්තා වුණත් ළමයින්ගෙන් හම්බ කිරීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි – ඇමැති නිමල්

ළමයි යොදාගෙන අම්මා තාත්තා වුවත් සල්ලි හම්බ කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) කම්කරු අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ළමයින් ආදායම් උත්පාදන මාර්ග ලෙස යොදා ගැනීම සහ ළමා ශ්‍රමය අපේ රටේ සම්පූර්ණයෙන්ම පිටුදැකීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සැකසීම සඳහා සියලු අදාල ආයතන ඒකරාශී විය යුතු බව හෙතෙම පැවසිය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය,එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල , සමෘද්ධි අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව ,පරිවාස ළමා රක්ෂක දෙපාර්තමේන්තුව,ළමාරක්ෂක අධිකාරිය ,ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යන අය ආයතන වල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක් වූ අතර සියලු රාජ්‍ය ආයතන එක්ව මෙම ජාතික ඉලක්කය ජය ගැනීම සඳහා කටයුතු කළ යුතු බව මෙහි දී අදහස් ප්‍රකාශ විය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය සිම්රින් සිංග් මෙනවිය ද ළමා ආරක්ෂක අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ද මෙහි දී අදහස් දැක් වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *