• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සාහිත්‍ය මාසය වර්ණවත් කරමින් සදාහරිත සමූහ ව්‍යාපාරය දියත් කල ග්‍රන්ථාකල්පන වැඩසටහන අති සාර්ථක වෙයි

25 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන “ග්‍රන්ථාකල්පන” ෆේස් බුක් සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන දියත් කළේය.

සැප්තැම්බර් 01 වනදා සිට 31 වනදා දක්වා වූ මාසයක කාලය පුරා ෆේස් බුක් පරිහරණය කරන තරුණ වැඩිහිටි සියලු දෙනාටම “ග්‍රන්ථාකල්පන” ප්‍රවර්ධන වැඩසටහන හා එක්ව තෑගි දිනා ගැනීමේ අවස්ථාව මෙහිදී උදා කර දී තිබුණේය. එහිදී තමන් කැමතිම නව කතාව සදාහරිත ෆේස් බුක් පිටුවේ සඳහන් කිරීම තුළින් තරඟයට ඇතුල් වීමේ අවස්ථාව පරිශීලකයන්ට හිමි විය.

කොවිඩ් 19 හේතුවෙන් පාසල් යන දරුවන්ගේ සිට බොහෝ දෙනා සැප්තැම්බර් මාසය පුරාම සිටියේ නිවෙස්වලටම වීය. වසර දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාව ද මෙම ගෝලීය සෞඛ්‍ය, ආර්ථික, සමාජ අර්බුදයෙන් පිඩාවට පත්ව සිටි. ගෝලීය අගාවුඩ් ව්‍යාපාරයේ දේශීය සලකුණ වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය මෙම තත්ත්වය වඩාත් අවබෝධ කරගෙන සිටි. රටේ ආර්ථිකයට ශක්තිය සැපයීම මෙන්ම ආයතනික සමාජ වගකීම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන දේශීය සමාගමක් ලෙස රටේ ජනතාවගේ මානසික සුවය පිළිබඳව ද කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව දරුවන්ගේ සිට වයස් භේදයකින් තොරව කියවීමේ රුචිය වර්ධනය කිරීම සදහා මෙම වැඩසටහන දියත් කෙරිණි. සැප්තැම්බර් මාසය මුලදීම සදාහරිත නිල ෆේස් බුක් පිටුව හරහා කියවීමේ වැදගත්කම සහ දරුවන් කියවීමට යොමුකරවීම මගින් විචාරශීලි, නිර්මාණාත්මක මිනිසුන් බිහිකර ගැනීමේ ශක්‍යතාවය පෙන්වා දෙමින් වීඩියෝ නිර්මාණ ජනතාව අතර ප්‍රචලිත කළේය. අනතුරුව පරිශීලකයන්ට තමන් වඩාත් කැමතිම නවකතාව සදාහරිත නිල ෆේස් බුක් පිටුවේ කියවීමේ මාසය වෙනුවෙන් පල කරන ලද පොස්ටුවට කොමෙන්ට් කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. එහිදී තරඟ කොන්දේසි ලෙස සදාහරිත නිල ෆේස් බුක් පිටුවට Like කර එම පොස්ටුව ද Like හා Share කිරීම අනිවාර්ය කෙරිණි. මේ හරහා ග්‍රන්ථාකල්පන ප්‍රවර්ධන වැඩසටහන ෆේස් බුක් සමාජ මාධ්‍යයෙහි අතිශය ජනප්‍රිය වූ අතර තරගය සඳහා විශාල පිරිසක් සහභාගී වුහ. එහිදී තරඟකරුවන් අතරින් අහඹු ලෙස සතිපතා තෝරා ගන්නා ජයග්‍රාහකයින් වෙනුවෙන් සරසවි පොත් මැදුර වෙතින් පොත් ලබා ගැනීමට තෑගි වව්චර ප්‍රදානය කෙරිණි.

 

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “වර්තමානය වන විට අපගේ තරුණ පරම්පරාව පමණක් නොවෙයි දරුවන් සහ වැඩිහිටියන් පවා විශාල ලෙස ඩිජිටල්කරණය වූ ලෝකයක සැරිසරමින් ඉන්නවා. ඔවුන් බොහෝ විට දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඩිජිටල් තිර සමඟ. තාක්ෂණික ලෝකයේ අභියෝග ජය ගනිමින් අපි ඉදිරියට යායුතුව තිබෙනවා වගේම ශිෂ්ඨ සම්පන්න, විචාරශීලි, නිර්මාණාත්මක සහ මානවහිතවාදී ජිවිත අනාගතය උදෙසාත් බොහෝ පරිස්සමෙන් ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. ලෝකය වඩාත් යහපත් ස්ථානයක් වන්නේ එවිට පමණයි. ගෝලීය වශයෙන් සියලු සත්වයන්ට සහ පරිසරයට හිතකාමී හරිත වන වගා ව්‍යාපාරයේ නියෙලෙන දේශීය ප්‍රමුඛයා ලෙස අපි අනාගත පරපුර මෙන්ම වර්තමානයේ සාහිත්‍යයෙන් කලාවෙන් විතැන් වී සිටින පිරිසට නැවත ජිවය ලබා දීමට අවශ්‍ය බව අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ආයතනික සමාජ වගකීම් හරහා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් දියත් කිරීමට බලාපොරොත්තු වනවා. මේ හරහා සාහිත්‍ය කෙරෙහි ඇල්මක් දක්වන විශාල පිරිසකගේ අවධානය අප වෙත යොමු වී තිබෙනවා. අපගේ ව්‍යාපාරය වටා එවැනි පිරිසක් ඒකරාශී වීම පිළිබඳව ම බෙහෙවින්ම සතුටට පත්වනවා.”

 

සදාහරිත සමුහ ව්‍යාපාරය මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකික ජනතාව බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනුවත් කිරීමට සහ පෙළඹවීමටද බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උල්පතක් බඳු අගාවුඩ් වන වගාව මෙරටට හදුන්වා දීමේ පුරෝගාමියා වන්නේ සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාය. ඔහුගේ නායත්වය සහ අධීක්ෂණය යටතේ සදාහරිත සමූහ ව්‍යාපාරය හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගම සහ දශක දෙකක අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරමින් ඇත. ඒ අනුව 2021 වසර මුල් භාගයේදී අයෝජකයින් වෙත විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් ද පිරිනැමිය.

 

සිය ආයතනික සමාජ වගකීම් කොටස නොපිරිහෙලා ඉටු කරන සදාහරිත සමූහ ව්‍යාපාරය ඒ සඳහා ඉදිරියටද කැපවී සිටි. “ග්‍රන්ථාකල්පන” ජයග්‍රාහකයින් සදාහරිත නිල ෆේස් බුක් පිටුව මගින් නිවේදනය කර ඇති අතර, එවැනි තවත් වැඩසටහන් පිළිබඳව දැනුවත් වීමට සහ බුද්ධිමත් ආයෝජනයක් සඳහා වැඩි විස්තර දැන ගැනීමට https://sadaharitha.com/ හෝ https://www.facebook.com/399984753349783/ සදාහරිත නිල ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න.

 

 

පිටපත – PR 

Post Views: 9
Previous Post

පක්ෂය කිව්වොත් අද වුණත් ආණ්ඩුව දාලා යනවා – මහින්ද කියයි

Next Post

රසායනික පොහොරවලින් ගැලවීමට දැඩි පරිශ්‍රමයක් කළ බව ඇමැති චන්ද්‍රසේන කියයි

editor

editor

Next Post

රසායනික පොහොරවලින් ගැලවීමට දැඩි පරිශ්‍රමයක් කළ බව ඇමැති චන්ද්‍රසේන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025

Recent News

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved