27 April 2024
#දේශීය

රසායනික පොහොරවලින් ගැලවීමට දැඩි පරිශ්‍රමයක් කළ බව ඇමැති චන්ද්‍රසේන කියයි

ඉතිහාසයේ කාබනික වගාවේ යෙදි සිටි ශ්‍රි ලාංකික ජනතාව රසායනික පොහෝර සඳහා දැඩි පරිශ්‍රමයක් දැරුවා සේම වර්තමානයේ රසායනික පොහෝරවලින් ඈත් කිරීමට ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද( 25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එය හුදු ජනප්‍රිය තීන්දුවක් නොවුනද කාලීන අවශ්‍යතාවයක් සේ සලකා රසායනික පොහෝරවලින් ඈත්වීමට ක්‍රමනාකූලව කටයුතු කරන අතරම ගොවි ජනතාවගේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

එහිදි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේ අදහස් පල කලේය “අපි දන්නවා අපේ රටට රසායනික පොහොර ගෙනල්ලා අවුරුදු 60 ක පමණ කාලයක් වෙනවා. එහෙත් කාබනි ක්‍රමයක් තමයි අපේ රටේ මුලින් තිබුණේ. නමුත් 1960 න් පසු රසායනිකවලට ටිකෙන් ටික හැරිලා ගියා. අද වෙනකොට කාබනික පොහොර පිළිබඳව ගොවිජනතාවට අමතකවෙලා තිබෙනවා. මේ වන විට රසායනිකරණයට හැරිලා ඉවරයි. මේ නිසා එක් ලක්ෂ 60 දහක් වකුගඩු රෝගීන් සිටිනවා. ඒ වගේම අපේ රටේ රසායනික පොහොර නිසා පිළිකා රෝගීන් තිස්දහක් පමණක් සිටිනවා. එසේම හැම අවුරුද්දකම 12,000 ක වකුගඩු රෝගීන් සමාජයට එකතු වෙනවා. 10,000 ක් මිය යනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා තීන්දු කළේ මෙයින් අපි ගැලවෙන්න ඕන කියලා. ඇත්තටම අපි හරි දේ කරන්නේ. නමුත් ගොවිජනතාව වැරදි මාර්ගයේ යවන පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම 90% ක් දේශපාලනයේ යෙදිච්ච පිරිසයි මේ සඳහා මෙහෙය වන්නේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ කල්ලිය, අනුර කුමාර මහතාගේ කල්ලිය මෙය මෙහෙයවමින් මාධ්‍ය සංදර්ශනය කරනු ලබන්නේ. එය ඉතාමත් වැරදි සහගතයි. අද වකුගඩු රෝගින් ලේ පිරිසිදු කිරීම සඳහා බිලියන ගාණක් අවුරුද්දට යොදවනවා. මේ සඳහා විශාල වියදමක් අපිට අඩු කරගත්තොත් ගොවියන්ගේ නිෂ්පාදනවලට වැඩි මිලක් ලබා දෙන්න පුළුවන්. ජනාධිපතිතුමා තීන්දු කර තිබෙනවා කාබනික පොහෝර වලින් නිෂ්පාදනය කරන වී සඳහා රුපියල් 80 ක මිලක් රජය දෙන්න කටයුතු කරනවා කියලා. ඒ අනුව විශාල සැලස්මකට අනුව තමයි ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙලේ නියැලිලා ඉන්නේ. ඒ වගේම කාබනික ධාන්‍ය වර්ග, එළවළු, පළතුරු නිෂ්පාදනය කරන රටක් වීමත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම වැඩි වෙනවා. එසේම අපි වගා කරන හැම නිෂ්පාදනයක් සඳහාම අපිට අපනයන වෙළඳාම සඳහා පහසු වෙනවා. මෙයින් අපිට වාසිදායක තත්වයක් තිබෙනවා. හැබැයි මේ විදිහටම රසායනික පොහෝර අවුරුදු 10ක් භාවිතා කරමින් ඉස්සරහට ගියානම් මේ රටේ 50% ක් රෝගීන් බවට පත්වෙනවා. මේ වගේ දීර්ඝව හිතලා ගත්ත තීන්දුවක් අද අවතක්සේරුවට ලක් කරමින් සිටිනවා. 3/2 බලයක් තිබෙන ආණ්ඩුවක් අපිට තිබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට රිද්දන්න කෙසේවත් බෑ. පෙලපාලි ගිහින් පොඩි කාලකණ්ණි ආස්වාදයක් ලබා ගන්නවා කියලා මට කියන්න පුළුවන්.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *