• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 4කින් පිදුම් ලබයි

30 March 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් රන් සම්මාන ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය(Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය (Territory Manager) යන අංශ තුන සඳහාම සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් තරග කල අතර එම අංශ තුනෙන්ම ජයග්‍රහණ හිමි කර ගැනීමට ඔවුන් සමත් විය.

එහිදී සදාහරිත සමාගමේ වත්තල ශාඛාවේ චතුර නිලංග මහතා කණ්ඩායම් විධායක (Sales Executive) අංශයේ ප්‍රථමස්ථානය දිනාගනිමින් රන් සම්මානය හිමිකරගතේය. එසේම එම අංශයේම දෙවන ස්ථානයද සදාහරිත සමූහ ව්‍යාපාරයේ වත්තල ශාඛාවේම දේශාන් සාරංග මහතා ජයග්‍රහණය කරමින් රිදී සම්මානය හිමිකර ගත්තේය. තනි පුද්ගල ව්‍යාපාර අංශයේ (Front Liner) රිදී සම්මානය හෝමාගම ශාඛාවේ කාංචනා වනිගබදු මහත්මිය ජයග්‍රහණය කළාය. කළමනාකරුවන්ගේ අංශයෙන් (Territory Manager) රිදී සම්මානයද මෙහිදී හෝමාගම ශාඛාවේ රසික මනතුංග මහතා විසින් ජයග්‍රහණය කළේය. ඒ අනුව සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයින් මෙවර සම්මාන උළෙලේ ඉදිරිපත්වූ සෑම අංශයකින්ම ජයග්‍රහණ හිමිකර ගැනීම සමාගම ලැබූ විශාල ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony 2020 සම්මාන උළෙල පවත්වන ලද්දේ 20 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ සිව්වන වර්ෂය මෙය වේ. 2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම සිව් වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.

මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වනවා. ඊට හේතුව වනනේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කරනු ලැබීමයි. අපගේ වටිනා පාරිභෝගික ප්‍රජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මුල්‍ය ස්ථාවරත්වය, ඉහළ ප්‍රතිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමය භාවය හේතු වී තිබෙනවා.’’

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 30,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටි.

සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී (පුහුණු හා ජාල සංවර්ධන) නිරෝෂන් මානවඩු මහතා සිය සමාගමේ අලෙවිකරණ කණ්ඩායම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “සමාගමක් වශයෙන් අපි අපගේ අලෙවිකරණ කණ්ඩායම ඇතුළු සියලු සේවක මඩුල්ලටම සිය වෘත්තීය ජිවිතයේ ඉහළට ගමන් කිරීමට අවශ්‍ය අත්වැල සැපයීමට නිරතුරුව කැපවී සිටිනවා. අපගේ සභාපති සතිස් නවරත්න මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා අප සමාගම අතර පවතින අවබෝධතාවය අනුව මේ වන විට අලෙවිකරණ ජාතික ඩිප්ලෝමාධාරින් 40කට ආසන්න ප්‍රමාණයක් සහ අලෙවිකරණය වෘත්තීය පාඨමාලාව (PCM) හදාරා වෘත්තිමය අලෙවිකරණයේ යෙදෙන වෘත්තිකයන් 150කට අධික පිරිසකගෙන් සදාහරිත සමාගම සවිබල ගැන්වී තිබෙනවා. මෙවර NASCO සම්මාන ජයග්‍රාහකයින් සදාහරිත වාර්ෂික සම්මාන උළෙලේදී ඉහළින්ම අගය කෙරුණු අතර ඔවුන්ට නැවතත් සුබ පැතුම් එක් කිරීමට කැමතියි.

 

 

 

 

Post Views: 5
Previous Post

ඉන්ධන අර්බුදය ක්‍රමනුකූලව විසඳනවා – ඇමැති ලොකුගේ

Next Post

රැට බැන්නාහම උදේට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

රැට බැන්නාහම උදේට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025

Recent News

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved