• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලර් මිලියන 250ක පගාව ගත් බරපතළ අපරාධකරු රටට හෙලි කරන්න – මන්ත්‍රී විමල්

24 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්ස්ප්‍රස් පර්ල්” මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, “ඩොලර් මිලියන 250ක පගාව” ගත් “බරපතළ අපරාධකරු” වහා රටට හෙළි කරන්න ලෙස ජාතින නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් අධිකරණ ඇමතිට අභියෝගයක් කර සිටි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා “පසුගිය දිනක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එමගින් කියැවුණේ, “එක්ස්ප්‍රස් පර්ල්” නැමැති නෞකාව විසින් සිදු කළ බරපතළ සමුද්‍ර දූෂණයට එරෙහිව වන්දි නඩුවක් නොපවරා සිටීමේ එකඟතාව ඇතිව කිසියම් පුද්ගලයකු ඩොලර් මිලියන 250කට අධික අල්ලසක් රැගෙන තිබෙන බවත් තමන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට එම මුදල තැන්පත් කළ ගිණුම් අංකය පවා පොලිස්පතිවරයාට ලබා දී තිබෙන බවත්. අපි දන්නවා,”එක්ස්ප්‍රස් පර්ල්” නැවෙහි ඇති වූ ගින්නෙන් අපේ රටේ සාගර ජීවීන්ට සහ සමුද්‍ර කලාපයට බරපතළ අගතියක් සිදු වූ බව. අගතියේ ප්‍රමාණය කොපමණද, කියා තක්සේරු කළ නොහැකි මට්ටමේ අගතියක් එහිදී සිදු වුණා. එවැනි සංවේදී විනාශයක් පිළිබඳ ප්‍රශ්නයකදී මේ රටේ දේශපාලනඥයකු හෝ නිලධාරියකු හෝ ඒ නැව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් අරගෙන එම ප්‍රශ්නය යටගැසීමට හදනවා නම්, ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දිය ලැබීම වැළැක්වීමට හදනවා නම් ඒ තරම් බරපතළ අපරාධයක් තවත් තිබෙනවා යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. අපි පළමුකොටම අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කරනවා, ‘වහෙන් ඔරෝ’ කියන්නේ නැතිව ‘කවුද මේ පගාව ගත්තේ?’ කියා කෙලින් රටට කියන ලෙස. ‘එළියේදී’ කියන්න බැරිනම්, අඩුම තරමින් හෙට අනිද්දා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී සභාගැබ තුළ ඒ අනාවරණය කරන්න. එවිට තමන්ට විරුද්ධව නඩු පැවරීමක් සිදු කරන්න බැහැ කියා අධිකරණ අමාත්‍යවරයා දන්නවානේ. පගාව ගත්තු කෙනාගේ නම හංගාගෙන, ‘පගාව ලැබුණු ගිණුමේ අංකයත් මම දන්නවා. ඒක මම පොලිස්පති දුන්නා.’ කිව්වාට වැඩක් නැහැ.

2021 මැයි 19 වැනිදා තමයි මේ නෞකාවේ ගින්න හටගෙන තිබෙන්නේ. 2023 මැයි 19 වැනිදාට පෙර මේ වන්දි ලබාගැනීමේ නඩුව අපි පැවරිය යුතුව තිබෙනවා. දැනට සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 50 වැනි වගන්තිය යටතේ මේ පිළිබඳව සැකකරුවන් 8 දෙනෙකුට විරුද්ධව මහාධිකරණයේ අපරාධමය නඩුවක් ගොනු කර තිබෙනවා. වන්දි ලබාගැනීමේ නඩුව නොපවරා සිටීමත් බරපතළ අපරාධයක්. මෙම වන්දි නඩුව නොපවරනවා නම් එසේ කරන්නේ මේ ලබාගෙන ඇතැයි කියන පගාවටත් වඩා වැඩි පගාවල් තව කවුරුන් හෝ රැගෙන ඇති නිසයි. මේ පිළිබඳව බරපතළ පරීක්ෂණයක් අවශ්‍යයි. අපි නැවතත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා, මේ සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස. මෑත ඉතිහාසයේ මේ රටේ සිදු වූ බරපතලම පාරිසරික විනාශය මෙයයි. එවැනි තත්ත්වයක් මගහැර යෑමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. ඒ වගේම වන්දි ලබාගැනීමකින් තොරව මේ ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කරනවා නම් ඊට එරෙහිව ගතයුතු හැම පියවරක්ම ගැනීමට පෙරට එන ලෙස අපි පොදු ජනතාවට ආයාචනය කරනවා.යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

Post Views: 3
Previous Post

ඩෙවෝන් දිය ඇල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසා ගනි

Next Post

මාතලේ ඉඩම් අවධිමත් ලෙස දෙන්නේ නැහැ – කමිටු සභාපති මන්ත්‍රී නාලක

editor

editor

Next Post

මාතලේ ඉඩම් අවධිමත් ලෙස දෙන්නේ නැහැ - කමිටු සභාපති මන්ත්‍රී නාලක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved