27 April 2024
#දේශීය

මාතලේ ඉඩම් අවධිමත් ලෙස දෙන්නේ නැහැ – කමිටු සභාපති මන්ත්‍රී නාලක

තමාගේ නිල කාලය තුළ මාතලේ ඉඩම් වෙනත් කටයුතුවලට බැහැර කිරිමේදි අවධිමත් ලෙස කටයුතු නොකරන බවත් ඵලදායි කටයුතු සදහා පමණක් ඉඩම් බැහැර කිරිම් සිදු කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසයි.

පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මුලසුන දරමින් ඒ මහතා මේ බව පැවසිය.

මාතලේ කොටුවේගෙදර ගබඩා පරිශ්‍රය ආශ්‍රිතව ඇති රජයේ ඉඩම පාර්ශ්ව රැසක් ඉල්ලිම් සිදු කර ඇති බවත් එසේ බැහැර කිරිම් සිදු කළ නොහැකි බවත් පසුගිය පාලන කාලයේ නගරයේ තිබු වටිනා ඉඩම් කිහිපක් අවධිමත් ලෙස බැහැර කර ඇති බවත් දැන් එම බැහැර කිරිම් නිසා ප්‍රශ්න රැසක් පැන නැගි ඇති බවත් තමන් විසින් ඉඩම් බැහැර කර ප්‍රශ්න ඉතිරිකර යැමට බලාපොරොත්තු නොවන බවද සභාපතිවරයා මෙහිදි පැවසිය.

මාතලේ කොටුවේගෙදර ගබඩා පරිශ්‍රය ආශ්‍රිතව ඇති රජයේ ඉඩම පාර්ශ්ව රැසක් ඉල්ලිම් කර ඇති නිසා එම ඉඩමේ භාවිතය පිළිබද ඉදිරි සැලසුමක් ඉදිරිපත් කිරීම සඳහා මාතලේ මහ දිසාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත්කිරීමට මෙහිදි යෝජනා විය.

මෙම රැස්විම සදහා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති.ඇල්.ඩි නිමලසිරි.පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න,මාතලේ මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මින් ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානින් රැසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *