27 April 2024
#දේශීය

ඩෙවෝන් දිය ඇල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසා ගනි

දිඹුලපතන, ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට පැන කාන්තාවක් පැන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (22) දින දහවල් කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඇල්ලෙන් පැන අතුරුදන්ව සිටි කාන්තාවගේ මළ සිරුර ඩෙවෝන් ඇල්ල පහළ කොටසේ තිබි සොයා ගෙන ඇත.

මිය ගිය කාන්තාව අවුරුදු 34 ක් වු බෝගහවත්ත උඩ කොටස, පතන ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *