27 April 2024
#දේශීය

නෞකාවෙන් හානියටපත් ධීවරයන්ට ලබන සතියේ වන්දි – ධිවර අමාත්‍ය ඩග්ලස් කියයි

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වු නෞකාව හේතුවෙන් මෙරට මුහුදු කලාපයට මෙන්ම ධීවර කාර් මිකයන්ට දැඩි බලපෑමක් ඇති වු අතර ඒ වෙනුවෙන් වන්දි ලබාදීම ලබන සතියේ ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩල්ගස් දේවානන්ද මහතා පවසයි.

ඒ සඳහා එම කලාපවල රැකියාව කරන ධීවරයන්ගේද තොරතුරු ලබාගත් අතර එම තොරතුරු අදාල නෞකා සමාගමට හා රක්ෂණ සමාගම් දැනුවත් කිරීමෙන් පසු වන්දි ලබා දීම අදියර කිහිපයක් යටතේ සිදු වේ.

මෙහිදි පළමු අදියර ලෙස හානියටපත් ධීවරයන් තෝරාගෙන වන්දි ගෙවීම සදහා නෞකාව අයත් සමාගම අතුරු දීමනාවක් ලෙස රුපියල් මිලියන 200 ලබා දී ඇති බව ද වන්දි ලබාගැනීම සදහා පත් කළ කමිටුවේ සභාපති අධීකරණ අමාත්‍ය අලී සබ්‍රී මහතා පවසා ඇත.

එම මුදලට අමතරව තවත් මිලියන 220 රජය වෙන්කර ඇති බව පවසන ධීවර අමාත්‍යවරයා හානියට පත් ධීවරයින්ට එම මුදල් ගෙවීම ලබන සතියේ සිට ආරම්භ කරන බව පවසා සිටී.

මේ අතර නෞකාවේ හානිය නිසා මුහුදු පරිසරයට දැඩි හානි සිදු වු අතර මුහුදු ජීවීන් වන කැස්බෑවන් 200 කට අධික ප්‍රමාණයක් තල්මසුන්, ඩොල්පින් මත්ස්‍යයන් මියගොස් ඇති බව අමාත්‍යවරයා පවසන අතර, නෞකාවෙන් හානියට පත් සාගර කලාපයේ ධීවරයින්ට තවත් වන්දි ලබා ගැනීම සදහා නැවු සමාගමේ මෙරට නියෝජිතයන් 07 දෙනකු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. මෙම හානිය වෙනුවෙන් ධීවරයින්ට ලබා දීය හැකි වන්දි සියල්ලක්ම ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *