ගජමුතු දෙකක් රුපියල් කෝටි දෙකකට විකිණීමට තැත් කළ නාවිකා හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු 23දා රාත්‍රියේදි මාතලේ නාඋලදි අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය පවසයි.
මාතලේ යුධ හමුදා බුද්ධී නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ නිලධාරින් සමග එක්ව සිදු කළ වැටලිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සැකකරුවන් හට ගජමුතු ලැබුණේ කෙසේද යන්න පිළීබදව වැඩිදුර පොලිසිය පරික්ෂණ පවත්වන අතර සැකකරුවන් ගල්ගමුව,කුණ්ඩසාලේ,ගුරුදෙණීය,බිංගිරිය,ආදි ප්‍රදේශවල පදිංචි අය බවද පොලිසිය කියයි.
සැකකරුව් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ ස්ථානාධීපති පො.ප වල්පොල මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න