27 April 2024
#දේශීය

මල් වගාව දැනටමත් ඉවරයි – මහ කන්නයට පෙර ගොවින්ට දිලිර නාශක දෙන්න – මන්ත්‍රීණි රෝහිණී

දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පළතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක් සිදුව තිබෙන බවත් මහ කන්නයට පෙර ගොවියාට හිඟයකින් තොරව දිලීර නාශක ලබා වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කළ යුතු යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

ඇය කියා සිටියේ පොහොර හා කෘෂි රසායනික තහනම ලංකාවේ කෘෂිකර්මයට දැවැන්ත විනාශයක් අත්කර දී තිබෙන බවයි.

ආණ්ඩුව කෘෂිකර්ම විශේඥයින්ගේ දැනුමට නිගරු කරමින් දිලීර නාශකවලටත් තහනමක් පනවලා තිබෙන අතර පොහොර නැතිවුණාම අස්වැන්න අඩුවෙනවා විතර නමුත් දිලීර නාශක නැති වුණාම ඕනෑම වගාවක් දින දෙක තුනකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන බව ඇය පවසා සිටියේය.

පසුගිය වැසි සමයේ තේ වගාවේ දිලීර හානිය නිසා කුඩා තේ වතු හිමියෝ අන්ත අසරණ වෙලා තිබෙන අතර වැවිලි සමාගම්වලට තමන්ගේ වගාවට දිලීර නාශක තොග තිබෙන බවත් දෛනිකව කඩෙන් බෙහෙත් පැකට් එකක්, බෙහෙත් බෝතලයක් අරගන්න ගොවියෝ තමයි ආණ්ඩුවේ අඳ බාල වැඩ වලින් වැඩිම පීඩාවට පත් වෙලා ඇති බව ඇය අනාවරණ කලේය.

කෙසේ වෙතත් උඩරට විතරක් නෙවෙයි රටේ පුරාම යල කන්නයට දිලීර නාශක ලැබෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව මන්ත්‍රිවරිය පැවසිය.

 

 

 

Floriculture already over – Give fungicides to farmers before Maha season – MP Rohini

Matale District Parliamentarian Rohini Kaviratne says that the upcountry vegetable, fruit and flower cultivation has already been severely damaged due to the lack of fungicides and that the government should start a program to provide fungicides to farmers before the Maha season without any shortage.

She said the ban on fertilizers and agrochemicals had wreaked havoc on Sri Lanka’s agriculture.

The government has disregarded the knowledge of agronomists and imposed a ban on fungicides. She revealed that tea smallholders have become extremely helpless due to the fungal damage caused to tea plantations during the last rainy season and that plantation companies have stocks of fungicides for their cultivation and farmers who buy a packet of medicine and a bottle of medicine from the shop daily are the ones who suffer the most from the government’s inferior work. Did.

However, a program should be prepared to provide fungicides not only in the up country but throughout the country during the Yala season, she said.

Leave a comment

Your email address will not be published. Required fields are marked *