• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මාර්ග තදබදයට පිළියමක් ලෙස Park and Drive ක්‍රමවේදයක් ගැන අවධානය

22 May 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙම යෝජනා ජනාධපතිවරයා සමඟ ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරෙණි.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතී. එය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ද ඒ මහතා පැවසිය.

පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළයුතු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසිය. පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය. ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටිති. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු වේ. එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපැයිය හැකිය.

ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය. පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ප්‍රධාන විධායක සාගර හේමන්ත වඩුගේ, අධ්‍යක්ෂ ජනරාල් (පොදු ව්‍යවසාය) අතුල කුමාර මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය – කොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම

Next Post

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි – දේශබන්දු රොෂාන් ගුණවර්ධන

editor

editor

Next Post

මම දේශපාලනය එන්නේ පවුලේ අයට තනතුරු දෙන්න නෙමෙයි - දේශබන්දු රොෂාන් ගුණවර්ධන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved