27 July 2024
#දේශීය

යුද්ධයට බයේ හැංගුණේ නෑ – හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා කියයි

යුද්ධයට බියෙන් හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි.

විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය.

යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්‍රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *