27 April 2024
#දේශීය

මීගමුව රෝහලට ට්‍රොලි 10ක පරිත්‍යාගයක් හිටපු මහඇමැති මෙන්ඩිස්ගෙන්

මීගමුව රෝහල වෙත පැමිණෙන අසාධ්‍ය රෝගීන්, ගර්භණී මව්වරුන්, ආබාධ සහිත රෝගීන් සදහා අවශ්‍ය රෝගී සත්කාර කිරීමට අත්‍යාවශ්‍යව තිබූ ට්‍රොලි (Patient Trolley) 10ක් බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති නන්දන මෙන්ඩිස් මහතා විසින් මීගමුව රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

එම පරිත්‍යාගය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් එම රෝහලේදී සිදුකරන ලදි.

රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම ට්‍රොලි 10 මළකඩ නොකන වානේ (Stainless Steel) වලින් නිමවා ඇති අතර දිගුකාලයක් භාවිතා කිරීමට හැකිවන පරිදි නිමවා ඇත. හදිසි අවස්ථාවකදී රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට කුඩා ඔක්සිජන් ටැංකියක් රදවා තැබිය හැකි ආකාරයෙන්ද මෙය නිමවා ඇත.

ඉන් අනතුරුව අමාත්‍යවරිය විසින් මීගමුව රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ආකාරය නිරීක්ෂණයට එක්වූ අතර පැය 24 පුරා ක්‍රියාත්මක කෙරෙන CCTV පද්ධතියක් මගින් රෝගීන් නිරීක්ෂණය කෙරෙන ආකාරය පිළිබදව අමාත්‍යවරියගේ පැසසුමට ලක්විය.

මෙම අවස්ථාවට මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක, වෛද්‍ය විජේලත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.

 

 

10 nos trolleys essential for patient care donated to the Negombo Hospital

Former Chief Minister of the Western Provincial Council Mr. Nandana Mendis donated 10 nos trolleys to Negombo Hospital for the care of patients including pregnant mothers. This was officially handed over at the hospital with the participation of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary health Care, Epidemics and Covid Disease Control.

The 10 trolleys, which costs around Rs. 800,000, are made of stainless steel and can be used for a long time. It is also designed to hold a small oxygen tank to provide oxygen to patients in an emergency.

Thereafter the Minister inspected the treatment of Covid patients at the Negombo Hospital and appreciated the staff for their dedication and services in providing care for Covid patients.

Dr. Nirmala Loganathan, Director, Negombo Hospital, Dr. Chinthaka, Deputy Director, Dr. Wijelath and other health staff were present at the occasion.

Leave a comment

Your email address will not be published. Required fields are marked *