27 April 2024
#දේශීය

වාහන කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය, කෙන්ගල්ල ප්‍රදේශයේ ඊයේ (29) අලුයම වාහන අලෙවිසලකට කොල්ල කල්ලියක් එහි මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් ලක්ෂ 77 ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිස් නිලධාරින් විසින් දොරගමුව ප්‍රදේශයේ නිවසක පිටුපස ගරාජයක තිබී කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් හා කොල්ල කෑමට පැමිණී කැබ් රථය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම නිට්ටඹුව, පන්නිල ප්‍රදේශයේදී ඊයේ (29) දහවල් කාලයේදී කොල්ලකන ලද ජිප් රථය ද සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *