27 April 2024
#දේශීය

විදුලි සැර වැදී අයෙකු මරුට

වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරකට අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (29) සවස් කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක් වු ගෝණගල, ගලපිටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *