• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ආයතනවල අයවැය ඡන්දයට නිදහස් අදහස ප්‍රකාශ කරන්න – එජනිස මහලේකම්

20 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතන වල ඉදිරි අය-වැය වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවැත්වූ සාකච්ජාවකදීය.

ප්‍රාදේශීය සභාවකින් යම් ආකාරයකින් මන්ත්‍රීවරුන්ට සහයක් නොලැබෙන්නේ නම් ස්වාධීනව තීන්දුව ගන්නා ලෙසත් , ඒ සම්බන්ධයෙන් පක්ෂය විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත්, ඒකට පක්ෂයෙන් කිසිම බාධාවක් නොමැති බව අමාත්‍යවරයා පැවසිය.

එහිදී පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහන සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙන්ම පළාත් පාල මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ කැකිරාව ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ධනුෂ්ක මදනායක මහතා,

මනුස්සයෝ අපෙන් අහනවා ඔයාලට ප්‍රථිපාදන ලැබෙන්නෙත් නෑ, මොනවද ඔයාලා කරන්නේ කියලා.අපි ආණ්ඩුවෙන් අයින් වෙලා හිටියා නම් අපිට ප්‍රශ්නයක් නෑ, අපිට එතකොට ආණ්ඩුවේ නෙමෙයි කියලා ඉන්න පුලුවන්.දැන් ගිවිසුම් ගහලා, ප්‍රසිද්ධ කරලා, අපිටත් සාධාරණයක් කරනවා කියලානේ එකතු වුණේ, දැන් අපිට සාධාරණයක් වෙන්නේ නෑ.අපි ඡන්දේ ඉල්ලුවේ මහින්ද මහත්තයා එක්ක, මහින්ද මහත්තයාගේ ෆොටෝ එකයි අපේ ෆොටෝ එකයි ගහලා තමයි ඡන්දේ කලේ.ඒ අය මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න තමයි දිණුවේ.ආයේ මැතිවරණයක් තිබ්බම ඒ අයට තේරෙයි.අපිව දැඩි ලෙස අවතක්සේරු කරනවා, අපි හරිම අමාරුවෙන් සභා තුළ කටයුතු කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් කියලා කිසිදු මුදලක් ලැබිලා නෑ, අපි ආණ්ඩුවෙත් ඉඳලා අපහසුතාවෙන් ඉන්න සිදු වීමයි කණගාටුව.මම නම් කියන්නේ මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා.ආණ්ඩුවේ ඉන්නවා නම් අපිට සාධාරණයක් කරන්න මැදිහත් වෙන්න.

එහිදී අදහස් දැක්වූ තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී තිස්ස විජේසිංහ මහතා,

ඇත්තම කිව්වොත් දැන් පොහොට්ටුවෙන් මිනිස්සු යනවා, පොහොර ප්‍රශ්න, බඩු මිල ප්‍රශ්නය නිසා දිනෙන් දින පාක්ෂිකයෝ ඈත් වෙනවා.ආණ්ඩුව කියන්නේ අපි දෙගොල්ලම, අපි ශක්තිමත් වුණොත් අපිට ඒ පාක්ෂිකයෝ අපේ පැත්තට හරවා ගන්න පුලුවන්.අද පොහොට්ටුවට ගමකට ගිහින් කථා කරන්න බෑ, හැබැයි අපිට පුලුවන් ගමට ගිහින් කථා කරන්න.අපි ඉල්ලීමක් කරන්නේ මේ සුදුසු වෙලාව ආණ්ඩුවට බලපෑමක් කරන්න.

හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී බංඩාරවෙල සංඝානන්ද හිමි,

අපි සභාව පෙරලනවා, හොරොව්පතාන ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයෙක්ගේ අතට ගන්නවා.සද්ද නොකර නිහඩව ඉඳලා නැගිටිමු අපි, අපිට ආදරය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඔය ඉන්න නායකයෝ මේ පක්ෂය විනාශ කරලා මහ පාරට දාලා, නන්නත්තාර කලා.හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහපාරට දාලා නන්නත්තාර කරලා, රස්තියාදු කරන්න බෑ, මේ පක්ෂය බලාගෙන ඉන්නවා.අවශ්‍ය තැනදී නැගිටිනවා යැයි පැවසූහ.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීනී දිලානී රාජගුරු මන්ත්‍රීතුමිය අදහස් දක්වමින් කියා සිටියේ,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‌බොහෝ ප්‍රාදේශීය සභා වල අයවැය වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සහය ලැබුනේ නැත්නම් ඔවුන්ට අයවැය දිනාගන්න තියෙන අවස්ථාව අඩුයි.මේතාක් අපි හිතට එකඟ නොවුනත් ප්‍රාදේශීය සභාවන් වල අයවැය වලට ඡන්දය ලබා දෙමින් පොහොට්ටුවට අයවැය දිනාගන්න අවස්ථාව ලබා දී තිබෙනවා.නමුත් ඔවුන්ගෙන් අපට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි යැයි පැවසීය.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කැලුම්

හෙට අනිද්දාට එන ප්‍රාදේශීය සභා අයවැයේදී අපි ඡන්දේ දෙන්නේ කාටද? ආණ්ඩුව ඉන්නේ පොහොට්ටුවත් එක්ක,අපි මේකට ඡන්දේ නොදුන්නොත් ආණ්ඩුවට අහේනියක් වෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.නමුත් ගමේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි.අපිට මේකට තීරණයක් දෙන්න.මෙවර අයවැය වලදී අපි නිහඩව ඉන්නද, ඡන්දය දෙන්නද, නැත්නම් විරුද්ධව දෙන්නද මේකේ ප්‍රශ්නයක් තියෙනවා.පොහොට්ටුවේ අයත් මේ වෙලාවේ අපිට කථා කරනවා.‌අපිට ඒ අය එක්ක ඩීල් අවශ්‍ය නෑ, අපි කවදත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක.මේ ඇතුලේ ඩීල් ගහන අයත් ඇති, උඹලා මෙහෙම කරපල්ලා හෝ උඹලා උඹලාගේ තීරණේ ගනිල්ලා කිව්වම අපිට මොකක් හරි වැඩපිළිවෙලකට යන්න පුලුවන්.සමහර ප්‍රාදේශීය සභා වල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්නත් පුලුවන්.අපිට සංවර්ධන යෝජනාවක් දෙන්නේ නැත්නම්, ප්‍රාදේශීය සභාවෙන් අපිට ලයිට් එකක් දාන්න දෙන්නේ නැත්නම් වැඩක් නෑ.මේකට මොකක් හරි උත්තරයක් දෙන්න යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා,

දැන් ඔබ කිව්වා ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛණ වලට අපි උදව් කලාට අපිට ඒ අය උදව් කරන්නේ නෑ කියලා කිව්වා, අපි ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කරන්නේ නෑ, ඔබට ප්‍රාදේශීය සභාවකින් යම් ආකාරයකින් ඔබට උදව් කරන්නේ නැත්නම් ඔබ ස්වාධීනව තීන්දුව ගන්න, ඒ සම්බන්ධයෙන් පක්ෂය ඔබට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නෑ, ප්‍රාදේශීය සභාවේ බලය පවත්වාගෙන යන්න අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඉන්නවා නම් ඒ සහය අනිත් අයට වගේම ඔබටත් ලැබෙන්න අවශ්‍යයි.එහෙම ලැබෙන්නේ නැත්නම් ඔබට තීන්දුවක් ගැනීමේ බාධාවක් නෑ, ඒ සම්බන්ධයෙන් පක්ෂයෙන් ගැටලුවක් ඇති කරන්නේ නෑ.අපේ කරමතින් ගිහින් ඒගොල්ලන්ට බඩ පිණුම් ගහන්න දෙන්න බෑනේ.ඒ අයිතිය ඔබට තියෙනවා.ඒකට පක්ෂයෙන් කිසිම බාධාවක් නෑ.

වංචාවට දූෂණයට විරුද්ධ වීමේ අයිතිය ඔබට තියෙනවා. පලාත් පාලන ආයතන වල හුඟක් ඒවාගේ වංචා දූෂණ වෙනවා. සමහර සභාපතිවරුන්ට සල්ලි නැතිව අත්සන ගහන්න අත වැඩ කරන්නේ නෑ, අපි ඒ පිළිබඳව තොරතුරු සොයා ගෙන යනවා.අපි ඒවාට එරෙහිව අල්ලස් කොමිසමට යනවා.අපි ආණ්ඩුවේ කියලා ඉන්නේ නෑ,මේවා රටටම දැනුම්වත් කරනවා ඒ සම්බන්ධයෙන්.අපි ආණ්ඩුවේ හිටියත් නැතත් අපි ඒ කටයුතු කරනවා.රට මේ තැනට එන්න දීර්ඝ කාළයක් සිදු වුණ වංචා දූෂණ හේතු වෙලා තියෙනවා යැයි පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණයට මුහුණ දිය යුතුයි කියලා යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී යෝජනා වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතරම් දුරට මේ ආණ්ඩුව හදන්න, ජනාධිපතිතුමා හදන්න, වෙහෙස මහන්සි වුණත් අපි ආණ්ඩුව නියෝජනය කළත්, හැබෑවටම ගම තුළ හා පලාත් පාලන ආයතන තුළ අපිට පිළිගැනීමක් නැති නිසා වෙනම ඉල්ලමු කියලා යෝජනා වුණා.මේක පක්ෂය තුලත් කථා කරලා තියෙනවා.අපිට හැමදාමත් හැම වෙනසක්ම අනුරාධපුරයෙන් පටන් ගන්න ලැබීම සතුටු වෙනවා.අපි මේ ඇමතිකම් බලාගෙන හෝ වරප්‍රසාද බලාගෙන නෙමෙයි අපි ආණ්ඩුවේ ඉන්නේ, අපි නිසි වෙලාවේදී තීන්දුව ගත යුතුයි යැයිද පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 23
Previous Post

සඳහිරු සෑය” අභියස සංඝගත දක්ෂිණාවක්

Next Post

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

editor

editor

Next Post

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved