27 April 2024
#දේශීය

සඳහිරු සෑය” අභියස සංඝගත දක්ෂිණාවක්

අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 18 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය විෂයෙහි “සඳහිරු සෑය” අභියස දී ඊයේ (19) දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ.

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටත්, සෙසු සියලු දෙනාටත් පිං පැමිණවීම සහ රටවැසි සියලු දෙනාට සෙත් පැතීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හභාගීත්වයෙන් පිංකම සිදුකරනු ලැබීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්, ආරක්ෂක ලේකම් ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *