මීට පෙර QR කේතය සඳහා ලියාපදිංචි වීමේදී භාවිත කළ දුරකථන අංක සම්බන්ධයෙන් ගැටලු පවතින වාහන හිමියන්ට, තමන් දැනට භාවිත කරන නව දුරකථන අංකය හරහා QR කේතය යාවත්කාලීන කර ගැනීමට අද (18) පස්වරුවේ සිට පහසුකම් සලසා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
පැරණි දුරකථන අංක අස්ථානගත වීම හෝ ක්‍රියාවිරහිත වීම නිසා QR කේතය ලබාගැනීමට නොහැකිව සිටි වාහන හිමියන්ට අද පස්වරුවේ සිට තමන් සතු වත්මන් දුරකථන අංකය භාවිත කරමින් ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවේ
අද සිට QR කේතය නොමැතිව කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් නොකරන බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කර ඇති පසුබිමක, මෙම නව තාක්ෂණික පහසුකම ජනතාවට විශාල සහනයක් වනු ඇත
QR පද්ධතියේ පවතින වෙනත් තාක්ෂණික ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 1919 හෝ 1912 (සංචාරක ක්ෂේත්‍රය සඳහා) යන ක්ෂණික ඇමතුම් අංක අමතන ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි
බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන කළමනාකරණය විධිමත් කිරීම සඳහා QR ක්‍රමය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති අතර, දත්ත පද්ධති යාවත්කාලීන කිරීම හරහා මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ.














