• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රශ්ණ විසදෙන තෙක් පාරම්පරික වගාවන්ට පුර්ණ අනුමැතිය – ජනපති

17 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පෙරවරුවේ පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමිනි.

පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කළේය. එසේ වුවද කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබිණ.

පොළොන්නරුව වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රධානතම දිස්ත්‍රික්කයකි. ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින මේ ගැටළුව නිසි ලෙස අවබෝධ කොට ගෙන ස්ථීර විසඳුමක් ලෙස අගල් සහ විදුලි වැට ඉදිකිරීම යන ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ පාසල් රැසක සංවර්ධන වැඩ ඇණ හිට තිබීම නිසා සිසුන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති හානිය ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා දිවයිනේ සියලු පාසල්වල අතරමග නතර කර ඇති සියලු සංවර්ධන වැඩ කඩිනමින් නිම කරන්නැයි බලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු විමසා විසඳුම් පිණිස ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය. කඩිනම් විසඳුම් දිය හැකි ගැටළු වහාම නිරාකරණය කළ අතර, විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබීය.
පොළොන්නරුව නගරයේ සිට කි.මි 45ක පමණ දුරින් පිහිටි මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිකච්චිය ග්‍රාමය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ “ඩී” කලාපයට අයත් වේ. සමගිපුර, දර්ශනපුර, දහම්වැව සහ පේරමඩුව යන ගම්මානවලින් සමන්විත මෙහි විශාලත්වය වර්ග කි.මි. 79කි. පවුල් 723කින් යුත් ගම්මානයේ ජනගහණය 2561කි. කෘෂිකර්මාන්තයේ සහ ස්වයං රැකියාවල නිරතවීම වෙඩිකච්චිය ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. වගා ජල හිඟය නිසා වී වගාව මහ කන්නයට පමණක් සීමා කිරීමට සිදුව තිබීම ගැමියන් මුහුණ පාන ගැටළු අතර ප්‍රධාන ස්ථානයක් ගනී. එබැවින් යල කන්නයේදී ගමින් පිටව ගොස් කුමන හෝ කුලී වැඩක නිරතවීමට ඔවුන්ට සිදුව තිබේ.

අත්‍යාවශ්‍ය පහසුකම් පවා රහිත වෙඩිකච්චිය ග්‍රාමයේ දැන් තිබෙන නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ගැමියන් දීර්ඝ කාලයක සිට මුහුණ දුන් වගා ගැටළුවට විසඳුමක් ලෙස ඇල වේලි සහ වැව් කඩිනමින් පිළිසකර කොට කන්න දෙකටම වගා ජලය සැපයීමට පියවර ගන්නැයි දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට හා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මැදිරිගිරිය – වටදාගෙය ප්‍රදේශයේ වගාවන්ට මුවන්ගෙන් වන හානිය පිළිබඳවද ජනතාව පෙන්වා දුන්හ. ඊට පිළියම් ලෙස මුවන් වෙසෙන කැලෑ ප්‍රදේශය කොටුකර දැල් වැටක් ඉදිකිරීමට තිරීණය කෙරිණ. ඒ සඳහා ප්‍රතිපාදන සැලසීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එකඟ විය.

අ.පො.ස (උ.පෙ) විභාගය අවසන් කරන දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා උදා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය මේ පිළිබඳ දැනුවත් කොට වෘත්තීය පුහුණු අවස්ථා ඇති කරන බව රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් විය. කවුඩුල්ල වැව ආශ්‍රිතව ජල පවිත්‍රාගාරයක් ඉදිකර, ජල නල එලා පවුල් දස දහසකට ජලය සැපයීමට ආරම්භ කර ඇති ව්‍යාපෘතිය 2021 වසර අවසන්වීමට පෙර නිම කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි පාසල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා “සූර්ය බල විදුලි පද්ධති” සම්පාදනය කොට නොමිලේ සපයන්නැයි ජනාධිපතිවරයා විසින් විදුලිබල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

ප්‍රදේශයේ පාසල්වල සහ රෝහල්වල පවතින අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත් නියම කෙරිණ.

ජනාධිපතිවරයා “ගම සමග පිළිසඳර” වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය, බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමටද එක් විය. විද්‍යාලය ඉදිකිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය විවෘත කරන ලෙස ජනාධිපතිවරයා ඇරයුම් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 02ක් සහ ඩයලොග් ආයතනය ප්‍රදානය කළ රූපවාහිනි යන්ත්‍රයක් ජනාධිපතිවරයා අතින් විදුහල්පතිවරයාට භාර දෙනු ලැබිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් වෙඩිකච්චිය “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

බස්නාහිර හැර සෙසු පළාත්වල උපකාර පන්ති ඇරඹිමට අවසර දෙයි -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Next Post

ක්‍රිඩකයෙකුගේ විනය ඉතා වැදගත් – රට හැර යන ෂෙහාන්ගේ ප්‍රකාශයට තිසරගෙන් පිළිතුරු

editor

editor

Next Post

ක්‍රිඩකයෙකුගේ විනය ඉතා වැදගත් - රට හැර යන ෂෙහාන්ගේ ප්‍රකාශයට තිසරගෙන් පිළිතුරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved