• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර හැර සෙසු පළාත්වල උපකාර පන්ති ඇරඹිමට අවසර දෙයි -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

16 January 2021
in දේශීය

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) පැවැති මාධ්‍ය හමුවේදි කියා සිටියේ කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්‍රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත්, ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවයි.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා – “ඊයේ (15) දිනයේ උපකාරක පන්ති පැවැත්විම උදෙසා අවශ්‍ය චක්‍රලේඛණය නිකුත් කරා. එම චක්‍ර ලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සදහා ජනවාරි මස 25 දින සිට අවසර ලබාදී තිබෙනවා. උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ ඉදගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100 ක් දක්වා පමණයි. මෙම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අනතුරුව රටේ පවතින තත්ත්වයත් සමග අනෙකුත් උපකාරක පන්ති විවෘත කළ හැකියි. උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරිම යන ක්‍රියාවලින්ට අදාල මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ සියළු දේ චක්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා. මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත් කොවිඩ් රෝගීන් යම් යම් ස්ථාන වලින් වාර්තා වන අවස්ථාක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ. එබැවින් උපකාරක පන්ති වෛරසය පැතිරීමේ අවධානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම සියළු දෙනාගේ වගකීමක් වනවා. උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නැහැ. එම දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ.”

බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වන බවත්, බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමට දැනට තීන්දු කර බවත්, මේ සියළු දේ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ රටේ පවතින තත්ත්වයත් අනුව බවත් පැවැසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කිසි ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කොට තිබේ නම් එම පළාතේ තිබෙන උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද වැඩිදුරටත් පැවැසීය.

ඊයේ දිනයේ දී කොවිඩ්-19 රෝගීන් 695 ක් සහ මරණ 02 ක් වාර්තා වු බවත්, රෝගීන් 433 සුව වී රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවත්, මේ වන විට රෝගීන් 8350 ක් රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

 

 

Post Views: 4
Previous Post

ජනතා සිහිනය යථාර්ථයක් කරමින් රත්නපුරේ මැණික් කුළුණට මුල් ගල් තැබේ

Next Post

ප්‍රශ්ණ විසදෙන තෙක් පාරම්පරික වගාවන්ට පුර්ණ අනුමැතිය – ජනපති

editor

editor

Next Post

ප්‍රශ්ණ විසදෙන තෙක් පාරම්පරික වගාවන්ට පුර්ණ අනුමැතිය - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved