27 April 2024
#දේශීය

අගමැති ලේකම් ලෙස ගාමිණී සෙනරත් පත් කරයි

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගාමිණි සෙනරත් මහතා මීට පෙරද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කටයුතු කර ඇති අතර 2004 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලය තුළ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත. එසේම 2020 දී අගමැති ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සහ මහජන බැංකුව යන ආයතනවල සභාපති ධුර දරා ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *