27 April 2024
#දේශීය

එජාප නායකත්වයට රවි, වජිර, අකිල බලපොරයක..!

එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණයෙන් පරාජය වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් ඇති විය යුතු බව යෝජනා වී තිබේ.

ඒ අනුව අද (10) පැවැති එම පක්සයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වෙන් පැවැති රැස්වීමේදී නායකත්වයට අලුත් අයෙක් පත් කල යුතු බවට යෝජනා වී ඇත. ඒ අනුව නායකත්වයට දයා ගමගේ, රුවන් විජේවර්ධන සහ නවින් දිසානායක යන අය ඉවත්ව ඇති බව එම පක්ෂය පවසයි.

මේ අනුව රවි කරුණානායක, වජිර අබේගුණවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන තිදෙනාගෙන් එක් අයෙකු නායකත්වයට පත් කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව ලබන බදදා දින එම තිදෙනාගෙන් අවසන් තීන්දුවක් ගෙන නායකත්වයට යා යුත්තේ කවුරුන්දැයි ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව සිකුරාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අදාළ යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂය පවසයි.

එසේම මේ වන විට නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා දරන අතර එය කරු ජයසුරිය මහතා වෙත භාර කරන ලෙස රවි කරුණානායක විසින් රනිල් වික්‍රමසිංහ හට පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් නොමැති බව දැනගන්නට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *