• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණය පවත්වන්න කඩිනමින් දිනයක් දෙන්න – ටිල්වින් සිල්වා

6 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැන් මැතිවරණයට නීතිමය බාධා හෝ මූල්‍යමය බාධා නොමැති බවත් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉක්මන් දිනයක් ලබාදිය යුතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය ” ජාතික ජන බලවේගයේ අපි මේ මාධ්‍ය හමුවට ආවේ, පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්න. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමට බාධා කරමින් සිටියා. නීතිමය ක්‍රියාමාර්ග තුළින් මැතිවරණය වැළැක්වීමට ගත් උත්සාහයන් ව්‍යවර්ථවීමෙන් පසුව මැතිවරණ කොමිසමට මුදල් ලබාදීම නතර කර, ඡන්දය පැවැත්වීම වැළැක්වීමට උත්සාහ ගනිමින් සිටියා. මැතිවරණ කොමිසමට සිදුවුණා, මූල්‍ය පහසුකම් නොමැති නිසා, මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කරන්න. පසුගිය 03වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණයට අදාළව ඉතා වැදගත් තීන්දුවක් දුන්නා. ඒ තමයි, ‘2023 වසරේ මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුව විසින් වෙන්කරන ලද මුදල් රඳවා නොගෙන ලබාදෙන ලෙසට’. මේ අධිකරණ නියෝගයත් සමග ඡන්දය පැවැත්වීමට තිබුණු බරපතළ බාධාව ඉවත්වෙලා තිබෙනවා. දැන් මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ඒ නිසා මේ අලුත් තත්වය සැලකිල්ලට ගෙන, හැකි ඉක්මනින් මැතිවරණය සඳහා දිනයක් නියම කර, එම කටයුතු ආරම්භ කරයි කියා අපි විශ්වාස කරනවා. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා තවදුරටත් ප්‍රමාද නොකර මැතිවරණය පවත්වන ලෙස.

මේ සමස්ත ක්‍රියාවලිය දෙස බැලුවාම පේන්නේ වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉන්නේ මේ මැතිවරණය නොපවත්වා යන්න හදන බවයි. ආණ්ඩුව ආරම්භයේ සිටම කටයුතු කළේ ඡන්දය පැවැත්වීම වළක්වන්න. මුලින්ම ඡන්දය ප්‍රකාශයට පත්කිරීම වළක්වන්න. ඒ සඳහා මැතිවරණ කොමිසම අවසන් දිනය දක්වාම කල්ගත්තා. ඊට පසුව අලුතින් නීති ගෙනාවා. අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ පනතක් ගෙනත් එම පනත යටතේ මේ ඡන්දය පවත්වන්න කොමිසම සහ දේශපාලන පක්ෂ තීරණයක් ගත්තා. නාම යෝජනා භාරගන්නා අවස්ථාවේ ඇප මුදල් භාර ගැනීම වළක්වන්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ලේකම්වරයා විසින් දිසාපතිවරුන්ට ඇප මුදල් භාර නොගන්නා ලෙසට ලිඛිතව දැනුම් දුන්නා. ඊට පසුව ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම වළක්වන්න, රජයේ මුද්‍රණාලයාධිපතිනියට බලපෑම් කළා. අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇමති මණ්ඩල නියෝගයකින් අයවැයෙන් වෙන්කර ලද මුදල් මැතිවරණ කොමිසමට නිකුත් කිරීම වළක්වන්න. මේ නිසා මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දෙන්න සිදුවුණා පොරොන්දු වූ අයුරින් මැතිවරණය පැවැත්වීමට නොහැකි බව. එයට හේතු වූයේ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම සම්බන්ධවත්, හා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීමේ කටයුතු නතර වීමත් යන කරුණු. ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 03දා ‘මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවා ගැනීම හෝ වැළැක්වීම නොකළ යුතුය’ යනුවෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා, මේ අනුව මුද්‍රණාලයාධිපතිනියට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර සිටීමට නොහැකි වෙනවා. දැන් ඡන්දය පැවැත්වීමට තිබූ මූල්‍ය බාධා ඉවත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ හිතවතෙක් ඡන්දය පැවැත්වීම වළක්වන්න තීන්දුවක් ගැනීමට අධිකරණයේ නඩුවක් ගොනුකළා. එය අධිකරණයට ඉදිරිපත් වූ සියලුම අවස්ථාවල එම නඩු විභාගය කල්දැමුණා. මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝග කරන්න බැරි බව ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගවලින් පෙනී යනවා.

දැන් මැතිවරණයට නීතිමය බාධා හෝ මූල්‍යමය බාධා නැහැ. දැන් වහාම කළ යුත්තේ මැතිවරණය පැවැත්වීමයි. මැතිවරණ කොමිසම ඒ සඳහා ඉක්මන් දිනයක් ලබාදිය යුතුව තිබෙනවා. මේ තත්වයන් මෙසේ තිබියදීත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඡන්දය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩ තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිසමට අපි කියනවා මැතිවරණය සඳහා ඉතා කිට්ටුම දිනයක් ලබාදෙන ලෙස. මෙසේ ප්‍රකාශ කරන්න හේතු කිහිපයක් තිබෙනවා.

ආණ්ඩුව මැතිවරණය වළක්වන්න ගන්න උත්සාහය අත්හරින්නේ නැහැ. දිගු දිනයක් ලබාදීමෙන්, ඒ කාලය පාවිච්චි කර, පාර්ලිමේන්තු පනතකින් හෝ වෙනත් කුමන්ත්‍රණයක් දියත් කර මැතිවරණය වැළැක්වීමට ඉඩකඩ තිබෙනවා. ඒ සඳහා අවකාශයක් ලබාදීම නොකළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ ගැන කොමිසම කල්පනා කළ යුතුව තිබෙනවා. ඒ නිසා වහාම ඉක්මන් දිනයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලනවා.

දෙවන කරුණ ලෙස, මේ වන විටත් ඡන්දය සඳහා විශාල මුදලක් වියදම් කර තිබෙනවා. මැතිවරණ කොමිසමත්, දේශපාලන පක්ෂත් මුදල් වියදම් කොට තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියා කිසියම් ප්‍රමාණයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බව. රටේ මුදල් නොමැති ප්‍රශ්නයක් ගැන කතිකාවක් වර්තමානයේ තිබෙනවා. එවන් තත්වයකදී ආණ්ඩුවක් කටයුතු කළ යුතු වන්නේ මුදල් නාස්ති වෙන ආකාරයට නොවෙයි. ඡන්දය පැවැත්වෙන දිනය තවදුරටත් ඈතට යාමෙන් වියදම් වන මුදල් ප්‍රමාණය තවදුරටත් වැඩිවෙනවා. කාලය දීර්ඝ වුවහොත් මැතිවරණ දෙපාර්තමේන්තුවට යන වියදම් වැඩිවෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලටත් යන වියදම වැඩිවෙනවා.

මේ මැතිවරණය පවත්වන්නේ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ පනත සක්‍රීය වුණු අවස්ථාවක. කොමිසම විසින් හඳුන්වා දුන් නිර්ණායක අනුව එක් අපේක්ෂකයෙක් එක ඡන්ද දායකයෙකුට වියදම් කළ යුත්තේ රුපියල් 20/-ක් ලෙසට. ඡන්දය සඳහා කාලය දික් වෙන්න දික් වෙන්න, අපේක්ෂකයන්ගේ වියදම් වැඩිවෙනවා. ඒ නිසා අපේක්ෂකයෝ අර්බුදයට පත්වෙනවා. දැනටමත් වියදම් කොට තිබෙනවා. ඒ නිසාත් ඉතා කෙටි කාලයකින් ඡන්දය පැවැත්වීමට දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මේ මැතිවරණයට ගුරුවරු ඇතුළු වෙනත් රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් තරග වදිනවා. මැතිවරණ නීතියට අනුව රාජ්‍ය සේවකයන් තරග වදිනකොට තමන්ගේ සේවා ස්ථානයේ ප්‍රධානියාට ලිඛිතව දැනුම් දී, වැටුප් රහිත නිවාඩු ලබාගත යුතුයි. මේ මැතිවරණයට තරග වදින හැම අපේක්ෂකයෙක් වන රාජ්‍ය සේවකයෙක්ම වැටුප් රහිත නිවාඩු ලබා ඉන්නේ. මාසයක් වත් වැටුප් රහිතව ගත කිරීම ඉතාම අපහසුයි. දිගුකාලීනව වැටුප් රහිතව ජීවත්වීම ඉතාම අපහසු කාර්යයක්. මේ කරුණු සියල්ලම ගත් විට ඉතාම පැහැදිලියි, වැඩි කාලයක් ගතවීම තුළ සියලුම ක්ෂේත්‍රවල ගැටලු සහගත තත්වයක් පැනනැගෙන බව. ඒ අනුව දැන් තිබෙන එකම විසඳුම විය යුත්තේ මැතිවරණ කොමිසම, තමන්ට හැකි ළඟම දිනය ලබාදීම. කොමිසමේ කටයුතු පිළිබඳව සමාජය තුළ කිසියම් දෙගිඩියාවක් තිබෙනවා. කොමිසම, ආණ්ඩුවට මේ කටයුතු ප්‍රමාද කිරීමට අවශ්‍ය ඉඩකඩ දෙමින්ද කටයුතු කරන්නේ කියන සැකය ජනතාව තුළ මතුවෙලා තිබෙනවා. ඒක එහෙම නොවෙයි කියන එක ඔප්පු කර ගැනීමට තිබෙන හොඳම අවස්ථාව තමයි මේ.

ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක ඉන්නවා නම් ඡන්දය පවත්වන්නේ නැහැ කියා, ජනාධිපතිවරයාගේ සමීපතමයෝ ප්‍රසිද්ධියේ ජනමාධ්‍යවලට ප්‍රකාශ කරනවා නම්, ඡන්දයක් නැහැයි කියා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා “ඡන්දෙ කල්දාලත් නැහැ, කල් දාන්න ඡන්දයක් නැහැ” යි කියා. මේකෙන් පේනවා ජනාධිපතිවරයා රටේ ජන මතයත් එක්ක, පරමාධිපත්‍ය බලයත් සමග සෙල්ලම් කරමින් ඉන්නවා කියන එක. ව්‍යවස්ථාව කඩාදමා, නීති කඩාදමා, නිලධාරීන්ට බලපෑම් කර, ඡන්දෙ කල්දමන්න උත්සාහ කළා. මේ ඡන්දෙ කල්දමන්න උත්සාහ කරන්නේ සාධාරණ හේතුවක් නිසා නොවෙයි, දේශපාලන හේතුවක් මතයි.

දේශපාලන හේතුව තමයි, ඔහුගේ කඳවුර පරාජයට පත්වෙලා, ජාතික ජන බලවේගය පෙරට එමින් තිබීම. ජේ.වී.පී.ය මතු වෙමින් එන එක වැළැක්වීමට, මැතිවරණය වළක්වන ලෙසට විපක්ෂයෙනුත් ඉල්ලා සිටි බවට ප්‍රකාශයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළා. ඡන්දයෙන් විපක්ෂය බලයට ඒම වැළැක්වීමට ඡන්දය නොපවත් වන්නේ නම්, මේ රටේ මින් පසුවට නිර්මාණය වන්නේ ඒකාධිපති පාලනයක්. මින් පසුවට ඡන්ද නැහැ. ජනාධිපතිවරයා දේශපාලන හේතුවක් මත ඡන්දය තියන්නේ නැතිව ඉන්නවා නම්, කොමිසම ජනාධිපතිවරයාට තව කුමන්ත්‍රණ කිරීමට අවස්ථාව ලබාදිය යුතු නැහැ. කොමිසමට ඡන්දය පැවැත්වීමට වුවමනාවත් තිබුණා වගේම, ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමිනුත් සිටියා. ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් ඡන්දය පැවැත්වීම වැළැක්වීමට බාධා පමුණුවමින් සිටියා. දැන් ඒ සියලුම බාධා ඉවත් වෙලා තිබෙනවා. දැන් දීර්ඝ නොවන ළඟම දිනයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු 20න් අවසන් වෙනවා. නැවතත් දීර්ඝ කරන්න බැහැ. මාර්තු 20න් පස්සෙ මන්ත්‍රීවරු නැහැ. සභාපතිවරු නැහැ. මහජන නියෝජිතයන් ඉන්න පළාත් පාලන ආයතනයක් නැති වෙනවා. දැනටමත් පළාත් සභා නැහැ. මහජන නියෝජිතයන් විසින් තීන්දු ගන්න එකම ආයතනය වුණේ පළාත් පාලන ආයතන. එය නැතිවුණොත් මහජන නියෝජිතයන් ඉන්න එකම ආයතනය වන්නේ පාර්ලිමේන්තුව පමණයි. ඒ තත්වය උතුරේ ජනතාවට විශේෂයෙන් බලපාන්න පුළුවන්කම තිබෙනවා. අනාගතයට වෙනත් බරපතළ ගැටලු මතුවීමේ ඉඩකඩ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ ඡන්ද අයිතිය, පරමාධිපත්‍යයේ බලය, ඡන්ද පවත්වාගෙන යාමේ සම්ප්‍රදායන් යන මේ සියල්ල සලකා බලා ලබාදිය හැකි කිට්ටුම දිනය ලබාදෙන්න කියන බලපෑම මේ මොහොතේ අපි කරනවා. අපි එය අවධාරණය කරනවා.යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 9
Previous Post

ජනාධිපතිවරයාගේ කුඨ වැඩවලට ශ්‍රේෂ්ඨාධිකරයෙන් පිළිතුරක් – විපක්ෂනායක සජිත්

Next Post

අනුරාධපුර ජයන්ති විහාරයේ කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාව අටමස්ථානාධිපති හිමියන්ගේ අතින් නිරාවරණය කෙරේ

editor

editor

Next Post

අනුරාධපුර ජයන්ති විහාරයේ කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාව අටමස්ථානාධිපති හිමියන්ගේ අතින් නිරාවරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved