27 April 2024
#දේශීය

අනුරාධපුර ජයන්ති විහාරයේ කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාව අටමස්ථානාධිපති හිමියන්ගේ අතින් නිරාවරණය කෙරේ

මැදින් පුන් පොහෝ දිනය යෙදී ඇති අද දිනයේ පොහෝ දිනයට සමගාමීව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ අභිනවයෙන් ඉදි කළ බුද්ධ මන්දිරය විවෘත කිරීම හා චීනයේ පරිත්‍යාගයක් ලෙස ලද අලංකාරවත් ට්‍රොන් දෙකක් බරැති බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීම අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ගේ සුරතින් සිදුවිය.

මේ සඳහා රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී ඊතල වැටුණුවැවේ ඤාණතිලක නා හිමියන්,යුධහමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඇතුලු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්විය.

මෛත්‍රී බෝසත් ප්‍රතිමාව කිරි හා අනෙකුත් පැන් වලින් නහවා පිරිසිදු කර රන් සලුවක් පැළඳ වීම ද සිදු විය.එය අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති උතුර මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියන් අතින් සිදුවිය.

විහාරස්ථ දායක සභාව සහ දහම් පාසල් දරු දරැයන් ඇතුලු විහාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *