27 April 2024
#දේශීය

ගෝඨාගේ ආරක්ෂාව දවසකට ලක්ෂ 35 ක් – නියෝජ්‍ය ඇමැති නලින් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා රජය දිනකට රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂකයින් 70 ක් සිටින අතර හිටපු හමුදාපති වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකු වන සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇත්තේ 20 දෙනෙකු යුත් කණ්ඩායමක් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළේය. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බවයි අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *