• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාට ජනාධිපතිකමත්, රනිල්ට අගමැතිකමත් වැඩිකල් කරන්න වෙන්නේ නෑ – ලාල්කාන්ත

26 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහට අගමැතිකම වැඩිකල් කරන්න වෙන්නේ නොමැති බවත් ගෝඨාටත් ජනාධිපතිකම කරන්න වෙන්නෙත් නැති බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල, කටියාව යාය 07 ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ඔන්න දැන් ලෑස්ති වෙනවා මහජන බැංකුවෙයි, ලංකා බැංකුවෙයි කොටස් ටික විකුණනන්න හදනවා ඩොලර් වලට, ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඉන්න සියලු සේවකයින්ට අපි කියනවා ඔයාලා තාම මේක දැක්කේ නෑ, රනිල් ලඟදී ගේනවා අලුත් අයවැයක්, ඒ අයවැයේ තියෙන්නේ මෙතෙක් අලෙවි කරන්න බැරි වෙච්ච, ඉඩම්, ආයතන, ආයතන වල කොටස්, සේවාවවන්, ඒ ඔක්කොම කොටස් කරලා විදේශ රටවලට විකුණනවා ඩොලර් වලට, අපිට ගෙනල්ලා දෙනවා තෙල්, රනිල් අගමැති වෙල එළියට බහිනකොටම කිව්වේ මම එන්නේ තෙල් ටික ගෙනත් දෙන්න, ගෑස් ටික ගෙනත් දෙන්න, විදුලිය දෙන්න කියලා. ඇයි එපාද? ආපදාව පාවිච්චි කරනවා ඒ ගොල්ල මෙච්චර කල් කරගෙන ආපු වැඩේ කරන්න. ඊළඟට කියනවා එයාර් ලංකා එක පාඩුයි, ඇත්ත, කවුද පාඩු කලේ, ජේ.වී.පී කාරයෝද? මේ ගම්වල ඉන්න මිනිස්සුද? ආයතන පාලනය කලේ අපිද? රනිල් වික්‍රමසිංහ භාර ගත්තා මුදල් ඇමතිකමත්, ඔය රනිල් ඇතුළු පිරිසට ඉන්නවාද, රටේ තියෙන සංස්ථා, මණ්ඩල මෙච්චරයි පඩි නැතිව වැඩ කරන පිරිසක්, කන්න බොන්න ටිකක් දීපල්ලා කියලා වැඩ කරන අය ඉන්නවාද? ඔච්චර රට කරපු අයට එකෙක් නෑ ඔය පක්ෂ වල, නෑ, ඒවා නෑ, ලංකා බැංකුව, මහජන බැංකුව, එයාර් ලංකා එක විකුණනලා ඩොලර් ටිකක් අරගෙන ඒත් මූට පඩි ගෙවනවා ලක්ෂ 20 ක්, ඒ විකුණන කොට කොමිස් ගානකුත් හම්බෙනවා කුට්ටියක්, ආයේ ලෑස්ති වෙන්නේ හොරාකාපු නිසා මේ තත්වයට වැටුණා, දැන් ඒ තත්වය අපිට පෙන්වලා කියනවා ඉතුරු ටිකත් විකුණලා හොරාකන්න අවශ්‍යයි, ඒකෙන් තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් කියලා.ඒකට කියන්නේ ආපදා ධනවාදය, ඒ ගොල්ල කරගෙන ගිය ධනවාදයෙන් අපිට ආපදාවක් වුණා, ආපදාව පෙන්වලා දැන් ධනවාදය ගෙනයන්න හදනවා.

රනිල් වික්‍රමසිංහයි , ගෝඨාභයලා, මහින්දලා මේ එකතු වෙලා හදන්නේ උන්ව පන්නන්න ගියපු වෙලාවේ, ඒකට පොඩි ජැක් එකක් ගහගත්තා.ඒ ගොල්ල ප්‍රපාතයකට යමින් තිබ්බා.ඒකට ජැක් එකක් ගහගත්තා නරියා ලව්වා.දැන් සර්ව පාක්ෂික ආන්ඩුවක් හදනවා මේ දවස් වල, සජබෙන් ගත්තා දෙන්නෙක්.හරීන්ලටත් කියන්නේ නිකං බයිලා ගහන්න එපා, ගියා නම් නම්බුකාර පිට කියන්න ගියා කියලා.තාම නායකයා සජිත්ලු, අපි මේ මේක දාලා ගියේ මේක හදන්න තියෙන බොක්ක උණු වෙලාලු, ගියා නම් ගියා.පක්ෂයක තීරණයක් තියෙනවා නම් ආණ්ඩුවට යන්නේ නෑ කියලා, ඒක තමයි තීරණය.ගියා නම් ගියා, කවුරු හරි කියනවා නම් ම‌ට ජනතාව ගැන අනුකම්පාව ඇති වුණා, බොක්ක උණු වෙලා වැක්කෙරෙන්න පටන් ගත්තා ඒ හින්දා මම ස්වාධීන වෙලා ගියා.ඒවා බොරු බයිලා, මේවා මිනිස්සු දැකලා තියෙනවා.හරීන්ලා, මනූෂලා පක්ෂයේ ප්‍රථිපත්ති කඩලා ගිහින් තියෙන්නේ. රටේ මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න, දේශපාලන ස්ථාවරයක් ගේනනන, පාර්ලිමේන්තුව විසුරුවලා, ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් හදන්න අවශ්‍යයි.අලුතින් එන ආණ්ඩුව කවුරු ආවත්, හොරකම- දූෂණය-වංචාව නොකරන ආණ්ඩුවක් වියයුතුයි.ආයේ මේ රටේ බෑ ඒවා, ජනතාව දැන් අවදියෙන් ඉන්නේ, පුරවැසි අරගලයක් ආරම්භ වෙලා තියෙන්නේ, ඒක දොලොස්මහේ පහන වගේ.දැන් මුළු රටම පෙලගස්වන්න අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරවපල්ලා, පාර්ලිමේන්තු මැතිවරණයක් දීපල්ලා කියලා.එතකොට කියනවා සල්ලි නෑ කියලා, සල්ලි නෑ කියන්නේ මේ පාලකයෝ.සල්ලි නැති කථාව කියන්නේ රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය, මහින්ද රාජපක්ෂ, පාර්ලිමේ්නතුවේ ඉන්න අය.එයාලට දිගටම ඉන්න අවශයයි, ජනතාවත් මේක ගලලා ඉන්නේ.ඡන්ද තියන්න සල්ලි තියනවා. මැතිවරණ රාජකාරී නොමිලේ කරන්නම් කියනවා රජයේ සේවකයෝ, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය භාර ගන්නවා රජයේ සේවකයෝ හරහා නොමිලේ කරන්නම් මැතිවරණ රාජකාරී.

ගෝල්ෆේස් අරගලය ගෝඨා ගෝ හෝම් එච්චරයි එතනින් එහාට නෑ, .අපි කියනවා ගෝල් ෆේස් අරගලයටත් දා ගන්න වහාම මැතිවරණයක් ඉල්ලලා.රටේම ජනතාව මැතිවරණයක් ඉල්ලන්න අවශයයි.ඒ මැතිවරණයේදී 74 වසරක ශාපය ඉවර කල යුතුයි.මේ අලුත් වෙනස ආරම්භ කරන්න වෙන්නේ අපිට අලුත් පාර්ලිමේන්තුවක් ගෙනල්ලා.දැන් සටන් පාඨය කර ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම දීපල්ලා කියලා.ඊළඟ අරගලයේ තැන මම කියන්නම්, මේ කියන්නේ පාර්ලිමේන්තුවේ අයටත් භය වෙන්නත් එක්ක.භය වෙනවා නම් භය වෙයල්ලා.අපී තීරණයක් ගන්න ඔ්න, මේ ගොල්ල පාර්ලිමේන්තු යන දවසක් තියෙනවානේ, හෙට අනිද්දාට යද්දී නෙමෙයි.අපි තීරණයක් ගන්න අවශ්‍යයි රටේ සාකච්ජා කරලා දිනය ප්‍රසිද්ධියේ. මාසෙකින් කියන්නකෝ, හරි උඹලා පාර්ලිමේන්තුවට පලයල්ලා, අපි පාර්ලිමේන්තු පාරවල් ඔක්කොම වහනවා රටේ ජනතාව.යූ.එන්.පීද, ශ්‍රී ලංකාද, අරවාද, මේවාද,අර සංවිධානද, මේ සංවිධානද, ඔක්කොම ගිහින්, හාමුදුරුවරුද, මවුලවිතුමන්ලාද, කුරුක්කල්තුමන්ලාද, ඔක්කොම ජාතික වශයෙන් ගිහින්, පාර්ලිමේන්තුව වහනවා.ඇතුළට ගිය එවුන් එකෙකුටවත් එන්න දෙන්නේ නෑ,එළියට එන්න ඔ්න උඹලා පාර්ලිමේන්තුව විසුරුවලා, ජනතාවට ඡන්දයක් දෙන්න ලෑස්ති වෙලා.ලෑස්ති වෙලා හිටපල්ලා එදාට, මේ අරගලය එතන්නට ගෙනයනවාමයි ,නැත්නම් මේ රටේ අනාගත පරම්පරාව ඉවරයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් අපි කියනවා, ඔය අගමැතිකම වැඩිකල් කරන්න වෙන්නේ නෑ, ගෝඨාටත් කියනවා ඔයාගේ ජනාධිපතිකම කරන්න වෙන්නෙත් නෑ, පාර්ලිමේන්තුව හැමදාම කැඳවලා කෑ ගහනවා, කියවනවා.නියෝජ්‍යය කථා නායක අස්වෙනවා, ආයේ ඌවම පත් කරනවා, ඌ හා කියලා, පහුවදාට කියනවා බෑ කියලා, මේ පුච්චන්නේ රටේ සල්ලි, ඊටපස්සේ අහවල් එක සංශෝධනය කරනවා, අහවල් විවාදය කරනවා කිය කිය රටේ සල්ලි පුච්චනවා.ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ ඔයා ගේන අයවැය ඔයාම තියාගන්න, ඒක රෝල් කරලා අහ් කර ගන්න.කවුරුත් සූදානම් වෙන්න ලඟම දවසක් එනවා පාර්ලිමේන්තු ගියාට පස්සේ අපහු එන්න වෙන්‌නේ නෑ, පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට ඡන්දයක් නොදී යැයි වැඩිදුරටත් පැවසීය.

තිසර සමල් – එප්පාවල

Post Views: 6
Previous Post

DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරයි

Next Post

කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන – සභානායක කථානායකවරයාට භාර දෙයි

editor

editor

Next Post

කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන - සභානායක කථානායකවරයාට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved