ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වා කලාකාරිනිය වෙත ඉඩම් කොටසක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා පවසයි.
යොහනි සිල්වා කලාකාරිනිය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දී ඇති හෙයින් ඇයව ඇඟයීමට ලක් කල යුතු බව විවිධ පාර්ශවයන් මගින් සිදු කල ඉල්ලීමට අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.68ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් 1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් සඳහා බිම් කොටස් ලබා දුන් ප්‍රදේශයට යාබඳව එම බිම් කොටස ලබාදීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම යෝජනාව සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවක ට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.